(සිතුම් චතුරංග)
අතුරුදන් වූවන්ගේ ඥාතීන් ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් ගමන්ගත් නිල රථවලට අද (03) සවස සෙරෙප්පුවලින් පහරදීමට උත්සහ කළ බව පොලිසිය කියයි.
ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු පිරිස රැස්වීම පැවැත් වූ හෝටලයෙන් පිටවීමේදී මෙලෙස පහරදීමට උත්සහ කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
අතුරුදන්වූවන්ගේ ඥාතීන් දෙමළ ජාතික සන්ධානයට බැණ වඳිමින් පවසා ඇත්තේ ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජනතාවගේ ඡන්දයෙන් පත්වී දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම පැහැරහරිමින් දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් රටේ ජනාධිපතිවරුන් පත් කිරීමේ උත්සහයක මේ වන විට නිරත වන බවයි.
වවුනියාවේ අතුරුදන්වූවන්ගේ ඥාති එකමුතුවේ සභාපතිනිය වන කාසිපිල්ලෙයි ජයවනිතා මහත්මිය තමන් පැළඳ සිටි සෙරප්පුවක් රැගෙන නිලරථවලට පහරදීමට උත්සහ කිරීමේදී ඇය සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් පැන නැගිණි.
අතුරුදන්වූවන්ගේ ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලීම් කිරීමට සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් හමුවීමට අතුරුදන්වූවන්ගේ ඥාතීන් උත්සහ කළද එයට පොලිසිය අවසර ලබානොදුන් අතර එහිදී එම ස්ථානයේ දී දෙපාර්ශවය අතර නොසන්සුන් තත්වයක් හට ගත්තේය.
අනතුරුව සාකච්ඡාව අවසන්කර පැමිණෙන නායකයින් වෙත මාර්ගයේ ඉඩ ලබාදීම සඳහා පොලිසිය දැඩි පරිශ්‍රමයක් ගත්තේය.
පොලිසිය අදාළ පිරිස ඉවත්කිරීමට කටයුතු කිරීමෙන් පසු දේශපාලන නායකයෝ නිල රථවලින් පිටත්ව ගියහ.
කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකු
කැස්බෑව කහපොළ නිවාඩු නිකේතනයකට දෙමව්පියන් සමඟ විනෝද වීමට පැමිණි කුඩා දරුවෙකු පිහිනුම් තටාකයට වැටී මිය ගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි.
බෞද්ධ පුරා වස්තු 300 කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුව වෙන්දේසි කිරීම නතර කරන ලෙසත් එම පුරා වස්තු නැවතත් ඉන්දියාවට බාරදෙන ලෙසත් දන්වමින් ඉන්දියාවේ
ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
ලබාගත් ගොවි ණය මුදල් නොගෙවිමේ චෝදනාව මත මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පොත
ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සම්බන්ධන් ඇතුළු පිරිස ගිය වාහනවලට සෙරෙප්පුවලින් පහර දෙති
සින්නතම්බි Sunday, 03 November 2019 04:59 PM
හපොයි.. වෙච්ච දෙයක්..
Nuwan Sunday, 03 November 2019 05:32 PM
දැක්කනේ දෙමළ ජනතාවගේ මහා ලොකු ගැලවුම්කරු ලෙස පෙනී සිටින සම්බන්ධන්ලාට දෙමළ ජනතාවම සෙරෙප්පුවෙන් ගහනවා .. කොයි ජාතියත් එකයි ඒවායේ නායකයින් කියන අයට තියෙන්නේ පුද්ගලික න්‍යාය පත්‍ර, නැතුව ජනතාව ගැන කැක්කුමක් නොවේ.
upali Sunday, 03 November 2019 05:57 PM
යුරෝපයෙන් සංධානයේ සහ ඇමෙරිකානු කොඩි.., මේ කාරණාව අතර ඇති සම්බන්ධය කුමක්ද?
RaveendraSunday, 03 November 2019 08:05 PM
ඔබගේ නිරීක්ෂණය නිවැරදියි. ඒ කොඩි මොකටද මේ විරෝධයට? කෙසේ වෙතත් පුල්ලි මාස්ටර්ලාට හොඳ දඬුවම මොවුන්ට තාමත් ලැජ්ජා නැති නිවටයින් ටිකක්නේ...
චන්දනMonday, 04 November 2019 12:48 AM
වැදගත් දැනුවත් කිරීමක්... මේ අසරණ දෙමව්පියන්ගේ ප්‍රශ්ණවලින් දේශපාලනඥයින් හා NGO බොරදියේ මාලුබෑමක් සිදුකරමින් පවතින බවක් පේනවා...
Adiri Monday, 04 November 2019 09:58 AM
අසරණ මිනිස්සු නෙමේ මේ.. කන්ට්‍රැක්ට් කාරයෝ...
KamaMonday, 04 November 2019 03:00 AM
ඇමෙරිකන් පුරවැසියාට ඡන්දෙ දෙන්න කියනවා ඇති...
jagathMonday, 04 November 2019 04:11 AM
ඒ කියන්නේ ගෝඨාභයට කතිරේ ගහන්න කියලද?
de silva Sunday, 03 November 2019 07:00 PM
අර කොටි සංවිධානයට යටත් වෙලා ඔවුන්ගේ අත්අඩංගුවේ සිට අතුරුදහන් වෙච්ච පොලිස් නිලධාරියෝ 600 ගැන දැන් කවුරුත් කතා නැහැ
විකල්පය දිනවමු Sunday, 03 November 2019 09:13 PM
දෙමල ජනතාව බුද්ධිමත්... ආර්ථිකයෙන් දුප්පත් වුණත් බුද්ධිමත්.. විශේෂයෙන් දේශපාලනික අවබෝධය ඉහළයි. අන්ධ වහල්ලු අඩුයි. පෙනෙන ඇහෙනදේ තුළින් තමන්ගේම නිවැරදි අවබෝදයකට එන්න හැකියාව තියෙනවා. දේශපාලකයින් කියන ලෙසම සිතන්න බහුතරයක් ලැහැස්ති නැහැ. නමුත් දකුණේ සිංහල අපි අතර එම තත්වය නැත්තටම නැතිවෙලා. හැබැයි වැඩි හරියක් අදහන්නේ "කියනදේ ඇහෙන දේ විශ්වාස නොකොර තමන් ස්වාධීනව සිතන්න යැයි" දේශනා කර තිබෙන බුද්ධියට මුල්තැන දෙන දහමක්. හැබැයි ඒ දහම භාවිතා කරනවා තියා කිසි අදහසක් නැහැ. සාක්ෂරතාවය ඇති නූගත්, මෝඩ වහල්ලු. 71 වසරක මේ රටේ සැපයට හේතුව මෙම පක්ෂ දෙක ගෙනගිය දේශපාලනය... ප්‍රතිපත්තියක් නොමැති දේශපාලනය. අද රටට අවශ්‍ය වන්නේ මෙතුවක් කල් නොතිබූ ප්‍රතිපත්තියයි. විකල්පය තෝරාගනිමු. පටුදේශපාලනය අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා විකල්පය සඳහා පළමු මනාපය දෙන්න.
Rasika Monday, 04 November 2019 02:28 AM
මෙය අප සතුටු විය යුතු දෙයක් නොවේ. නැවත හිස එසවීමට දරන ත්‍රස්තවාදීන් හා බලන කළ කුමන හෝ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික අපේක්ෂකයෙකුට සහාය දැක්වීම ඡන්ද වර්ජනයට වඩා හොඳයි. දකුණේ වගේම මේ කෑ ගහන්නේ රාජ්‍ය නොවන සංවිධානවල අතකොලු බවට පත් කරගත් පිරිසක්... හොඳින් බලන්න සම්බන්ධන්ගේ නමවත් හරියට ලියා නැත...
MaheeMonday, 04 November 2019 06:11 AM
රසික ඔබ හරියටම හරි. කොටින්ම මේ කෑ ගහන්නේ සම්බන්ධන් ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි කියලයි. සම්බන්ධන් මීට වඩා ආණ්ඩුවත් එක්ක හැප්පිය යුතුයි කියලයි. පිටිපස්සෙන් ඉන්නේ උග්‍ර ජාතිවාදී සංවිධාන බවත් ඔවුන්ට ඇමෙරිකාව හා යුරෝපය උඩගෙඩි දෙන බවත් හිතන්න පළමු පින්තුරයම ඇති. ජාතිවාදීන් විසින් උසිගන්වන ලද පිරිසක් සම්බන්ධන්ට සෙරෙප්පුවෙන් ගහන්න හැදුව කියලා මෝඩ චූන් ගන්නේ නැතුව ටිකක් අවදියෙන් කල්පනා කලොත් අපි කාටත් හොඳයි.
Bandula. Monday, 04 November 2019 03:41 AM
හොඳ වැඩේ.. අහිංසක මිනිසුන්ට ගිනි දීලා ජාතිවාදය අවුස්සන පාහරයින්ට හොඳ පාඩමක් මේක... මේ අය හිතාගෙන ඉන්නේ මේ අයට මිනිස්සු කැමතියි කියලා..
Amila Monday, 04 November 2019 05:41 AM
අතුරුදහන්වූවන් ගැන කොච්චර කෑගැහුවත් වැඩක් වෙන්නේ නෑ. නැතිවුන මිනිස්සු වගේම මාධ්‍යවේදීන් කිසිම ආන්ඩුවකින් මෙතෙක් හොයාගෙන ඇත. ඒක නිසා බොරුවට එක එක එන්ජිඕ වල ලණු ගිලලා උත්ඝෝශන කරා උපවාස කරා කියා කිසිදෙයක් ලැබෙන්නේ නැත. හැබයි එන්ජිඕ එකේ මහත්තුරු මහත්මීන් නම් ඔය පින්තූර ටික පෙන්නලා සල්ලි ලස්සනට ගරයි..
sunanda Monday, 04 November 2019 06:15 AM
කොළඹ ඔහොම දෙයක් උනා නම්... ගුටි කාලා, කඳුළු ගෑස් කාලා....
kap Monday, 04 November 2019 07:26 AM
පොලිසියේ 600 ගැන කාගෙන් අහන්නද ? කරපු මහ කෙනා දැන් අපායේ ලෝ දියේ පීනනවා. අනික් අය ටික එයාව ඇපයට ඇරපු සෙට් එකට එකතු වෙලා සුර සැප විදිනවා. ඒ අයගෙන් අහන්න බෑ මොකෝ ඒ අය දැන් දේශප්‍රේමියෝ.
de silva Monday, 04 November 2019 11:10 AM
ඔය සම්බන්ධන්ලා, තොණ්ඩමන්ලා, හැමදාම කළේ බොරු කේවල් කරකර ආණ්ඩුවලින් වාසි ලබාගෙන තම සාක්කු පුරවාගන්න එක. මේ අයත් අර අපේ දකුණේ ඉන්න ඊනියා සමාජවාදී, ඊනියා දේශප්‍රේමීන් දේශපාලකයින් වගේම තමයි. මේ අය හැමදාම බලයේ ඉන්න ඕනේ නිසා, දෙමල මිනිස්සුන්ගේ දරිද්‍රතාවය නැති කිරීම, අධ්‍යාපනය දියුණු කිරීම වැනි දේවල් කරන්නේ නැහැ...