
(අංජුල මහික වීරරත්න)
සමුපකාර සංවර්ධන කොමසාරිස්/ සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සමූපකාර සංවර්ධන කොමසාරිස්/ සමූපකාර සමිති රෙජිස්ට්‍රාර් ලෙස දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරිනි එච්. ඒ. ආශා හපුආරච්චි මෙනෙවිය එම තනතුරෙන් මුදා හරින ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, ඇය එම තනතුරෙන් මුදා හැරීමටත්, ඒ හේතුවෙන් පුරප්පාඩු වන සමූපකාර සංවර්ධන කොමසාරිස්/සමූපකාර සමිති රෙජිස්ට්‍රාර් තනතුර සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරක දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනි තරණි කුමාරදාස මහත්මිය පත් කිරීමටත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංක නිලධාරීන්ට දේශපාලන හොර කප්පම්කාරයො යටතේ වැඩ කරන්න අමාරුයි තමයි.
සමූපකාරයේ ඇති යල් පැනගිය නීති වෙනස් කිරීමට දෛර්ය ලැබේවා. සභාපති, සීස. හේන්පිටගෙදර සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ සමූපකාර සමිතිය.