
(ඩයනා උදයංගනී)
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නීතීඥ වෙනුර ගුණවර්ධන මහතාත්, ලංකා සතොස ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාත් පත් කරනු ලැබ ඇත.
වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින මෙම ආයතනයන් සඳහා පත්කෙරුණු නව සභාපතිවරුන්ට පත්වීම් ලිපි ලබාදීම වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් එම අමාත්‍යාංශයේ දී අද (28) සිදු කෙරිණි.
මෙම ආයතනයන් වලින් අපේක්ෂිත ප්‍රගතිය ලබා ගැනීමට හිටපු සභාපතිවරයා අසමත් වීම හේතුවෙන් මෙම නව පත්වීම් සිදු කර තිබේ.
හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන නීතීඥ වෙනුර ගුණවර්ධන මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරියෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රාජ්‍ය කළමණාකරණය පිළිබඳ විශේෂ උපාධිධාරියකුද වේ.
ලංකා සතොස ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පත් කර ඇති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කුඩාකාලයේ සතොස කියන්නේ සමූපකාර තොගවෙළඳ සංස්ථාවට කියා ඉගෙන ගත්තා. ඇත්තටම මේ දෙකින් කරන්නේ කුමක්ද? පෙර කාලයේ එකම ආයතනයක් නම් දැන් දෙකක් කලේ හිතවතුනට පත්වීම් දෙන්නද කරුණාකර සතොස කියන වචනවල තේරුම කියා දෙනවද?
මෙ වගේ තැන්වල ඉන්නේ ඇට්ට කුණා වෙච්චි මීයන් තමයි. මී කතුරු මාරු කළාට උන්ව අහුවෙන්නේ නැහැ.
බඩු මිල අඩුවෙයිද? දැන් හාල් 140, පොල් 120, අල 300 , අනේ මන්දා... අවුරුදු 2560කට පස්සේ මෙතරම් බඩුමිල ඉහළ ගිය අගයක් මතක නැහැ.. මමත් ලක්ෂ 69 බයියෙක්නේ...
සමූපකාර තොග වෙළඳ සංස්ථාවට හා සතොසට නව සභාපතිවරු සමූපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) නොවයිද එකම ආයතනයකට සබාපතිවරු දෙදෙනෙක්ද?
ගරු ඇමතිතුමනි, ගරු සභාපතිතුමනි, මම දැනට සතොස ආරක්ෂක සහා පොදු පුද්ගලික සමාගමේ ලංකා සතොස සියඹලාණ්ඩුව අළෙවිසැලේ අවුරුදු 06 කට ආසන්න කාලයක් සේවය කරමි. නමුත් එන්න එන්නම පවතින බඩුමිල ඉහළයෑම හේතූවෙන් මා පමණක් නොව අපගේ අනෙකුත් ආරක්ෂක නිලධාරින්ටද මෙම ප්‍රශ්නයට මුහුණ දීමට සිදුව ඇත. ප්‍රශ්නය කුමක්ද නම් අපගේ මාසික වේතනය මදිකමයි. රු26000ක් පමණ වන මෙම වේතනය අඩුම රු35000ක් ඊට වැඩි ප්‍රමාණයකින් ලබාදෙන මෙන් ඔබතුමන්ලා දෙපලගෙන් ඉතා ඕනෑකමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තූතියි..!!!