IMG-LOGO

සිමෙන්ති හිඟයෙන් රජයේ ව්‍යාපෘති හිරවෙලා

(යොහාන් භාසුර)

රට තුළ ක්‍රියාත්මක වන සිමෙන්ති ‘මාෆියාව’ පාලනය කිරීමට රජය මැදිහත් වී සිමෙන්ති සඳහා පාලන මිලක් ඇති කළ යුතු බවත් ආනයනය කරන සිමෙන්තිවල ප්‍රමිතිය කිසිඳු ආයතනයක් පරීක්‍ෂා නොකිරීම නිසා ඉදිකිරීම්වල ප්‍රමිතිය පිළිබඳව ද ගැටලුවක් ඇතිවිය හැකි බවත් ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා අද (27) පැවසීය.

සිමෙන්ති සඳහා පාලන මිලක් ඇති කිරීමේ වගකීමෙන් දේශපාලන අධිකාරියට පැන යා නොහැකි බවත් ඉදිකිරීම් කර්මාන්තය වැටුණ හොත් එය ඩැහැ ගැනීමට විදේශ රටවල් බලාගෙන සිටින බවත් සභාපතිවරයා කීය.

සිමෙන්ති සඳහා පාලන මිලක් නොමැතිවීම නිසා ආනයනකරුවන් විටින් විට මිල ඉහළ දැමීම පාලනය කිරීමට රජය මැදිහත් වී ආනයනික පිරිවැය ඇස්තමේන්තු කර එයට ලාභ කොටසක් ද එකතු කර පාලන මිලක් පැනවිය යුතු බව කී සුසන්ත ලියනාරච්චි මහතා ආනයනකරුවන්ගෙන් සිමෙන්ති ලබාගන්නා අළෙවි නියෝජිතයන් ‘මාෆියාවක්’ නිර්මාණය කර වැඩි මිලට අළෙවි කරන බව ද සඳහන් කළේය.

රුපියල් 1,575 ක් මිල සටහන් කර තිබෙන සිමෙන්ති කොට්ටය මේ වන විට රුපියල් 1900 ක් සහ 2100 ක් වගේ මිලකට ගැනීමට සිදුවී ඇති බවත් ගාල්ල, මාතර සහ හම්බන්තොට යන ප්‍රදේශවල සිමෙන්ති මිලදී ගැනීමට නොමැති තත්වයක් ඇතිවී තිබෙන බවත් සුසන්ත ලියනාරච්චි මහතා කීය.

ශ්‍රී ලංකාවට පසුගිය වර්ෂය සඳහා අවශ්‍ය සිමෙන්ති මෙට්‍රික්ටොන් මිලියන 7 ක් ලබාගැනීමට නොහැකි වීමෙන් වෙළෙඳපොල තුළ මෙටි්‍රක්ටොන් මිලියන තුනක හිඟයක් මේ වන විටත් පියවීමට නොහැකි වී ඇති බව කී ලියනාරච්චි මහතා සඳහන් කළේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන සිමෙන්ති නොමැතිවීම කර්මාන්තය දැඩි අවධානමකට ලක්ව ඇති බවත්ය.

ඉදිකිරීම්වලට අවශ්‍ය භාණ්ඩවලින් සියයට 60 ක් පමණ ආනයනය කරන නිසා වර්තමාන තත්වය පිළිබඳව මුදල් අමාත්‍යවරයා ඇතුළු සියලු බලධාරීන් සමඟ මේ වන විට සාකච්ඡා කර ඇති බවත් සිමෙන්ති කොට්ටක මිල රුපියල් 827 ක්ව තිබියදී ඇස්තමේන්තු හැදූ ව්‍යාපෘතිවලට රුපියල් 1800 ට 1900 සිමෙන්ති මිලදී ගත්විට එම පාඩුව පියවා ගැනීමේ ගැටලුවකට පත්ව තිබෙන බවත් ඒ මහතා කීය.

මිල වැඩිවීමට ගෙවීම අනිවාර්ය කරමින් ඉදිරිකිරීම් අමාත්‍යංශය කැබිනට් පත්‍රිකාවක් මගින් ප්‍රතිපාදන මත ගෙවීම් කරන්න ලෙස අදාල ආයතනවලට නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවයන් දළ දේශීය නිෂ්පාදනයට විශාල දායකත්වයක් සැපයීම නිසා රජය ඔවුන් පිළිබඳව විශේෂ අවධානය යොමුකළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

රට තුළට මේ වන විට සිමෙන්ති මෙට්‍රික්ටොන් 22000 ක් සහ තවත් නැවකින් මෙට්‍රික්ටොන් 9200 ක් ලෙස විශාල තොගයක් වෙළෙඳපොළට නිකුත් වෙමින් පවතින බව කී සභාපතිවරයා සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ගය, මොරටුව වෙරළබඩ මාර්ගය, පාලම් 8000 ක්, මාර්ග කිලෝමීටර ලක්‍ෂයේ ව්‍යාපෘතිය සහ මහනුවර, බත්තමුල්ල සහ කොළඹ නිවාස ව්‍යාපෘති දේශීය ඉදිකිරීම් සමාගම් ක්‍රියාත්මක කරමින් සිටීම නිසා ඒ සඳහා යකඩ සහ සිමෙන්ති නොමැති වීමෙන් ඉදිකිරීම් කර්මාන්තකරුවන් අපහසුතාවට පත්ව සිටින බවත්ය.



අදහස් (4)

සිමෙන්ති හිඟයෙන් රජයේ ව්‍යාපෘති හිරවෙලා

fairoos Thursday, 27 January 2022 05:42 PM

රජය අපහසුතාවයට පත්කරන කතා කියන්න එපා... බයියන් තරහවෙයි. මේ ආණ්ඩුව රටට සාපයක්...

:       0       3

Abdul Thursday, 27 January 2022 09:16 PM

1500 සිමෙන්ති නම් නැහැ. 2300 සිමෙන්ති ඕනෑතරම් තියෙනවා.

:       0       4

Rohana Thursday, 27 January 2022 10:48 PM

සිමෙන්ති ටිකවත් හිඟයකින් තොරව නිශ්චිත මිලක් යටතේ බෙදාදෙන්න බැරි ආණ්ඩුවකින් ඇති ප්‍රයෝජනය කුමක්ද?

:       0       4

Lalith M Friday, 28 January 2022 06:51 AM

කිසිඳු මූලික දැනුමක් නැති විෂයභාර ඇමතිවරු ඉන්න රටක ඕවාට උත්තර දෙන්න අය නෑ. වලක් හාරලා ඒකට කෑගැහුවා වගේ. හිත් අමාරුව අඩුකරගන්නවත් එහෙම කරමු දැනට...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site