(ඩයනා උදයංගනී)

ප්‍රවීණ ගීත රචක, මාධ්‍යවේදී සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි ඔහු මියයන විට 74 වැනි වියෙහි පසුවිය.නාඹර ගොයම රහස ලියාලා, කවිකාරියේ සිංදු කියනා ලඳේ , සඳ මඬලේ සිට තරු මඬලේ සිට දිවැස් හෙළන පුතුනේ, හිම රේණු වැටෙනා සීතලේ, මිදුලේ මල් සූරිය ගහ මුදුනේ, බිඳුවක් ඉවසා අහන්න හිතවත ඈ මගෙ පෙම්වතියයි, සතර අතින් කළුකරගෙන වහින වෙලාවේ, සොඳුර මට සමුදෙන්න, සමකෝණි  ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් අතර, සඳරේඛා සඳගිරි හිසෙන්  ලැගුම් ගනි මගෙ ලෝකේ, ආදී සොඳුරු පදවැල් දහසකට වැඩි ගණනක් ඔහු විසින් රචනා කර ඇත.

අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.