(නිමල කොඩිතුවක්කු සහ දයාරත්න ඇඹෝගම)
දිවයින පුරා සමෘද්ධි ප්‍රතිලාභීන් හට වැඩි කල සියයට 28 ක සමෘද්ධි දීමනාව හෙට(14) දින සිටලබා දීමට කටයුතු කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
ඒ අනුව මෙතෙක් රුපියල් 3500 ක දීමනාවක් ලැබු පවුල් ඒකකයක් සඳහා රුපියල් 4500 ක දීමනාවකුත්, රුපියල් 2500 ක දීමනාවක් ලැබූ පවුල් ඒකකයක් සඳහා රුපියල් 3200 ක දීමනාවකුත්, රුපියල් 1500 ක දීමනාවක් ලැබූ පවුල් ඒකකයක් සඳහා රුපියල් 1900 ක දීමනාවකුත් ලබාදිමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
2022 වර්ෂය තුල සමෘද්ධි ප්‍රතිලාභීන් සදහා දීමනා ලබා දීමට රුපියල් මිලියන 65,000 ක මුදලක් වැය කිරීමට රජය අපේක්ෂා කරන බවත් හෙතෙම කීවේය.
රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් බල පෑමට ලක් වු සියලු පාර්ශවයන්ට විවිධ සහන ලබා දීමට 2022 වර්ෂය සඳහා අය වැය පොරොන්දුවක් මත මෙම දීමනා ලබාදෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සමෘද්ධි ප්‍රතිලාභීන් ලෙස දිවයින පුරා සිටින දාහත් ලක්ෂ හැට හත්දහසක පවුල් ඒකක සංඛ්‍යාවක් සදහා වැඩි කල 28% ක සමෘද්ධි දීමනාවේ ප්‍රතාලාබ හිමිවන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද බැංකුව හොලවනවා..
දීමනාව වැඩි කිරීම හොඳ දෙයක් වුණත් ඔවුන් එම තත්ත්වයෙන් මුදවා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒ සමඟම වංචනික ලෙස සමෘද්ධි දීමනා ලබා ගන්නා විශාල පිරිසක් ඉන්න බවත් සැලකිල්ලට ගන්න..
2024 හෝ 2025 අනුර කුමාර ජනාධිපති වෙනවා කියලා සේන මහතා කිව්වනේ.. ඒ නිසා මේ අවුරුද්දෙම මාර්තු මාසේ පාර්ලිමේන්තුවේ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරාවි කියලා අදහස් පලවෙනවා. ජනතාව කොතෙක් දුෂ්කරතා වින්දත් බත් එකට ඡන්දය දෙන පිරිස් මෙහෙම වැඩි කළාම උඩපැන පැන ඇවිත් 69 ලක්ෂයක් නොවෙයි 89 ලක්ෂයක් ඡන්ද ලැබේවි... රට විනාශ වුණාට... මොකෝ බඩ වියත පිරේ නම්...!!!
මෙහෙම රටක් දියුණු වෙන්නේ නැහැ. මේවා දේශපාලුවන්ගේ ගැට..!
රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් සඳහා ඇති අර්ථසාධක අරමුදලේ මුදල් ලබාගෙන කරන්න හදන්නේ මෙය නම් එය අටුව කඩා පුටුව හැදීමටත් අන්ත වැඩක් කියන්න වෙනවා..