(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විවිධ අක්‍රමිකතා සහ කාර්ය සාධනය විමර්ශනය කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානීන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) හමුවට ලබන සතියේ කැඳවීමට තීරණය කර ඇත.
මේ අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ලබන 25 වැනිදා අඟහරුවාදා දිනයේද පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් ලබන 26 වැනිදා බදාදා දිනයේද කෝපා කමිටුව හමුවට කැඳවෙනු ඇත.
එම ආයතනවල පසුගිය වසරවලට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්තා සහ වත්මන් කාර්ය සාධනය ඇතුළු කරුණු පදනම් කරගෙන මෙම විමර්ශනය පවත්වන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙම කමිටු හමුවට කැඳවා කරුණු විමසීමේ තේරුමක් නැත. අක්‍රමිකතාවලට වගකිවයුතු නිලධාරීන්ට තරාතිරම නොබලා අධිකරණමය ක්‍රියාමාර්ග ගනිමින් දඩුවම් ලබාදීම මෙන්ම රජයට සිදුකළ පාඩුව පෞද්ගලික ධනයෙන් හෝ දේපලවලින් අයකර ගැනීමේ ක්‍රමයක් ඇති කළ යුතුය. වැරදි කළ අයට දඩුවම් නොමැතිව කෝප් / කෝපා කමිටු රැස්වී තේ පානයට වැය කරන මුදල් වැය කිරීම පවා රජයට පාඩුවකි. බලධාරීන් මේ ගැන සිතිය යුතුය.