(අංජුල මහික වීරරත්න)
සමෘද්ධි නිලධාරීන් මුහුණපා සිටින ගැටලු හඳුනාගෙන ඒවා කඩිනමින් විසඳන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ ගැටලු සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී අද(2) පැවැත්වුණු අතර එහිදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම උපදෙස් දුන්නේය.
සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ වැටුප, විශ්‍රාම වැටුප, උසස්වීම් පටිපාටිය සහ ස්ථීර පත්වීම් ලබාදීම ඇතුළු ඔවුන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඊට අදාළ යෝජනා රැසක් ද ඉදිරිපත් කෙරිණු බව ජනාධිපති කාර්යාලය පවසයි.
සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහත්වරු ඇතුළු සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, සමෘද්ධි දෙපාර්තමේන්තුව ඇතුළු රේඛීය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
195
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමෘද්ධි නිලධාරී ගැටලු විසඳන්න ජනපති ලේකම් මැදිහත් වෙයි
sampath Wednesday, 02 November 2022 10:20 PM
සමුර්ධිය සහනාධාර බෙදන එක හැමෝටම බරක් .මේක අත්‍යවශ්‍යම ජනතාවට විතරක් ලබා දීමත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීමත් කලා නම් වැඩේ ඉවරයි
Perera Thursday, 03 November 2022 07:11 AM
එතකොට ප්‍රශ්න විසඳන්න ඕන නිලධාරීන් ....ශීර්ෂ පාඨය කියෙව්වාම මම හිතුවේ ජනපති ලේකම් ප්‍රශ්න විසඳලා කියලා
SL Thursday, 03 November 2022 08:29 AM
එයාල මොනවද කරන්නේ ? අපේ බදු වලින් පඩි ගන්නවා , දේශපාලනය කරනවා ... ඒ හැර ? රටට බරක් වුනු රජ්‍යසේවක කොට්ටාශයක්. බරක් විතරක් නොවෙයි ,රාජ්‍යසේවය දේශපාලනයට එල්ලන එකත් කරලා රටම විනාශ කරලා තියෙන්නේ
සමුර්දිකා Thursday, 03 November 2022 08:51 AM
ග්‍රාම නිළධාරින්ට මෙන්ම සමුර්ධි නිළධාරින්ටද දේශපාලන අයිතිවාසිකම් නොදිය යුතුය. මොකද ඔවුන් බොහෝවිට මැතිවරණ අවස්ථාවල සමුර්ධි අහිමි කරනවා කියලා තමන්ගෙ පක්ෂය දිනවීමේ මැතිවරණ කටයුතු වලට සක්‍රීය දායකත්වය දෙන නිසා .