(අංජුල මහික වීරරත්න)

සමෘද්ධි නිලධාරීන් මුහුණපා සිටින ගැටලු හඳුනාගෙන ඒවා කඩිනමින් විසඳන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ ගැටලු සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී අද(2) පැවැත්වුණු අතර එහිදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම උපදෙස් දුන්නේය.

සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ වැටුප, විශ්‍රාම වැටුප, උසස්වීම් පටිපාටිය සහ ස්ථීර පත්වීම් ලබාදීම ඇතුළු ඔවුන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඊට අදාළ යෝජනා රැසක් ද ඉදිරිපත් කෙරිණු බව ජනාධිපති කාර්යාලය පවසයි.

සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහත්වරු ඇතුළු සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, සමෘද්ධි දෙපාර්තමේන්තුව ඇතුළු රේඛීය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.