
(නිමන්ති රණසිංහ)
බලපත්‍ර රහිතව ආරක්ෂක සේවා ස්ථානයක් පවත්වාගෙන ගෙන යාමේ චෝදනාවකට වරද පිළිගත් ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මියට රුපියල් 15,000ක දඩයක් ගෙවන ලෙස කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් පී. ඩී. පෙරේරා මහතා නියෝග කර ඇත.
මෙම සිද්ධියට අදාළව පැමිණීල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසිනි. නඩුව අධිකරණය හමුවේ විභාග වන අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසීටීම මත සැකකාර සේමිනී ඉද්දමල්ගොඩ මහත්මියට ඉකුත් නඩු දිනයේදී වරෙන්තු නිකුත් වී තිබීණී. ඒ අනුව අද (16) අධිකරණය හමුවේ පෙනී සිටි ඉද්දමල්ගොඩ මහත්මියගේ වරෙන්තු ආපසු කැදවීමට අධිකරණය තීරණය කළේය.
මෙම වරද සම්බන්ධයෙන් වූ චෝදනා පත්‍රය ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු වැඩබලන අධිකරණ භාෂා පරිවර්තක චින්තක උහනෝවිට මහතා විත්තිකාරියට චෝදනා පත්‍රය කියවා දීමෙන් පසු එම චෝදනාවට තමන් වැරදිකරු බවට ඇය අධිකරණය හමුවේ පිළිගත්තාය.
ඒ අනුව, අදාළ චෝදනාවට වරද පිළිගත් චූදිතට රුපියල් 15,000ක දඩයක් නියම කිරීමට අධිකරණය තීරණය කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හස්බන්ඩ් පොලීසියේ නේද?
මහත්තයා පොලිසියෙ ඉඳලත් නීතිය ගැන නොදැන ඉන්න මෙයාල තොත්ත බබ්බු නෙමෙයිනෙ.
මාර ලොකු දඩයක් ගහලා තියෙන්නේ. දැන් මේක ගෙවාගන්න බැරිව මෙය බංකොළොත් වෙයිද දන්නෙත් නෑ... බලපත්‍රය නැතිව කළානම් බදු ගෙවලත් නැතිව ඇති.
[.... වැඩබලන අධිකරණ භාෂා පරිවර්තක චින්තක උහනෝවිට මහතා විත්තිකාරියට චෝදනා පත්‍රය කියවා දීමෙන් පසු .... තමන් වැරදිකරු බවට ඇය අධිකරණය හමුවේ පිළිගත්තාය.] ඔය චෝදනා වලට භාෂා පරිවර්තක කෙනෙක් උවමනා උනේ මොකද ? සේමිණී ඉද්දමල්ගොඩ නෝනට සිංහල තේරෙන්නේ නැද්ද ?නැති නම් චෝදනා ඉදිරිපත් කලේ එයාට නොතේරෙන බසකින්ද?අනේ මෙහෙම රටක්.මේවාට දෙපැත්තෙන්ම හිනා යනවා කියලා මගේ ආච්චි කියනවා
15000 දඩය ගෙවලා ගෙදර යන්න පුළුවන්.. සාමාන්‍ය මනුස්සයෙක් මේක කළානම්, අර වාර්තාව නැහැ.., මේ වාර්තාව නැහැ කියමින් නඩුව අවුරුදු කිහිපයක් ඇදලා, දෙන්න පුළුවන් වද 32 ම දෙනවා...