(අංජුල මහික වීරරත්න)
ආසන මට්ටමින් ජනතා සංසද පිහිටුවීම හා සමගි ජන බලවේගයට ගොස් නැවත එක්සත් ජාතික පක්ෂයට එන පිරිස බඳවා ගැනීමේ කටයුතු තවත් කඩිනම් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට අද උපදෙස් දුන්නේය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වලට අනුව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඉකුත් සතියේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතා සංසද පිහිටුවීම සහ පක්ෂයට නැවත පැමිණෙන පිරිස බඳවා ගැනීමේ කටයුත්තෙහි නිරත විය.
ඊට අමතරව වයඹ සහ උතුරුමැද පළාත් වල ඉහත කටයුතු කඩිනමින් කිරීමේ වගකීම පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතාට පවරනු ලැබ තිබේ.
ගාල්ල මාතර හම්බන්තොට අයත් දකුණු පළතේ ජනතා සංසද පිහිටුවීමේ සහ පක්ෂයට යළි පැමිණෙන පිරිස බඳවා ගැනීමේ වගකීම පවරා ඇත්තේ පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාටයි.
බස්නාහිර පළාතේ ජනතා සංසද පිහිටුවීම සහ නැවත පක්ෂයට එක්වන අය බඳවා ගැනීමේ වගකීම නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර,උපනායික අකිල විරාජ් කාරියවසම්, සභාපති වජිර අබේවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල සඳහන්ය.
උතුරු පළාතේ පක්ෂ සංවිධාන කටයුතු මෙහෙයවීමේ වගකීම ලබන සතියේ දී බාර දීමට අපේක්ෂිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අපි තාම පැති මාරු කෙරුවේ නැහැනේ. අපි රනිල් වික්‍රමසිංහට විරුද්ධව අපේම පක්ෂයක් හදාගත්තේ හොරකමෙන් බොරුවෙන් තොර රජයක් පිහිටුවීමට මිසක් ඔය බොරු ප්‍රචාරවලට රැවටෙන්න නොවෙයි. ප්‍රතිපත්ති කියන්නේ ඒකටයි.
එකක් හොඳයි.. දැන් එජාපය 0 හින්දා. අඩුමගානේ 1ක් හරි ගාවාගන්න..
හිටපු ජනපති ජයවර්ධන මැතිතුමා කාලේ පළමුව ආසන සංවිධායක පත්කළා. දෙවනුව ඔහු යටතේ ප්‍රාදේශීය සංවිධායක කෙනෙකු (ගම් දෙකතුනකට කෙනෙකු ලෙසට) පත්කළා. ප්‍රාදේශීය සංවිධායකයා ගම් මට්ටමේ සංවිධාන සිදුකළා. ආසන සංවිධායක සියළු තොරතුරු පක්ෂ නායකට සතිපතා වාර්තා කළා. ගම් මට්ටමේ සභාපතිලාගෙන් ප්‍රාදේශීය සංවිධානයකුත් ඇතිකර ගම් මට්ටමේ තිබෙන ප්‍රශ්ණ හා සංවර්ධන කටයුතු සාකච්ඡා කළා. එහෙම කරලා තමයි හයෙන් පහක බලයක් ගත්තේ. ඉන් පස්සේ පත්වුණු නායකයින් කලේ නුසුදුස්සන්ට තබාගෙන සුදුස්සන් ඉවත්කිරීමත් ගම් මට්ටමේ සාමාජිකයින් ගැන අබමල් රේණුවක තරම්වත් සැලකිල්ලක් නොදැක්වීමත් නිසාය. පක්ෂය නැත්තටම නැතිවුණා.
හරියට ඒ කාලේ කරු මහත්තයා ආණ්ඩුවට ගිහින් ආපහු ආවා වගේ... ආණ්ඩු පක්ෂයෙනුත් කවුරුහරි කට්ටියක් අරන් එකතු වෙනවා කිව්වද? මේ වතාවේ මොනවද දන්නේ..? ඩියුටි ෆ්‍රී කාර් එකකුයි, සිංගප්පූරුවේ සෞඛ්‍ය රක්ෂණයකුයිද? නැතිනම් රක්ෂණය වෙනුවට මුළු පවුලටම ෆයිසර් එන්නත්ද?