(ෂේන් සෙනෙවිරත්න)

සමගි ජන බලවේගයට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ 2026ට අදාළ අයවැය ප්‍රකාශනය පරාජය වීය.

එම නගර සභාවේ සභාපතිවරයා හා මන්ත්‍රීවරුන් අතර පවතින අභ්‍යන්තර ගැටුමක් හේතුවෙන් මන්ත්‍රීවරුන් තිදෙනකු අයවැය වර්ජනය කිරීම හේතුවෙන් එසේ එම අයවැය පරාජය වී තිබෙන බව මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බල වේගයේ සංවිධායකවරයෙක් පැවසීය.

එහි විපක්ෂ කණ්ඩායම වන මාලිමාව ඡන්ද 07;ක් සහ ආණ්ඩු පක්ෂයට 05 ක් වශයෙන් එම අයවැය ප්‍රකාශනය පරාජය වී තිබේ.

එම නගර සභාවේ විපක්ෂය වන මාලිමාවට සභිකයන් 07 ක්ද සමගි ජන බලවේගයට සභිකයන් 04 ක්ද එක්සත් ජාතික පක්ෂය, පොහොට්ටුව, පුටුව සහ ස්වාධීන වශයෙන් එක් මන්ත්‍රීවරයකු බැගින් සිටින අතර එහි පාලක පක්ෂයට මන්ත්‍රීවරුන් 08 දෙනකුගේ සහාය හිමි වුවද අයවැය ඡන්ද විමසන අවස්ථාවේදී එම සභාවේ මන්ත්‍රීවරියන් දෙදෙනකු සහ එක් මන්ත්‍රීවරයකු සභාව වර්ජනය කිරීම හේතුවෙන් එම අයවැය පාලක පක්ෂය පරාජය වී තිබේ.