
(නිමල කොඩිතුවක්කු)
හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග විසින් සිදු කරනු ලබන යුක්‍රේන ජාතික සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා පනත සහ නිරෝධායන නීති උල්ලංඝනය වන බව පවසමින් සමගි තරුණ බලවේගය පොලිස් මූලස්ථානය වෙත අද (22) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
සමගි තරුණ බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සහ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි යන මහත්වරුන් මෙම පැමිණිලි ඉදිරිපත් කරනු ලැබීය.
සීගිරි බිතුසිතුවම් අසල නීති විරෝධී ලෙස ඡායාරූප ලබාගැනීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත උල්ලංඝනය වී ඇති බව ඔවුන් සිය පැමිණිල්ල මගින් කරුණු දක්වා ඇත.
මෙම සියලු කරුණු සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක්, සිදු කරන ලෙස ද මෙම පැමිණිල්ල මගින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මල්ලිලා එහෙම කරන්න එපා... වේලි වේලි හිටපු අපිට යුක්රේනයෙනුත් කට්ටියක් ගෙනාවා...
ඒක විය යුතුයි.
මේ වගේ රජයකින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? වරෙන්තු පිට ඉන්න කෙනෙක්.. රාජපක්ෂ පවුලේ කෙනෙක් නිසා. දැන් කිසි කරදරයක් නැතිව ඉන්නවා. අම්බරුවන් රජ කෙරුවාම මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
අපේ කාලෙ නම් මොන පොලිස්ද? අරලිය ගහ මන්දිරේට පැමිණිලි කළා නම් සුමානෙට එක්කෙනා බැගින් ඇතුළට දාන්න තිබුණා නේද? කොහොමද වෙනස? දැන් සනීපද?