කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11, සඳුදා ඇරඹෙන බව රජය කියයි.
මේ දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුය. සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබේ. ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේදී කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ මුළුමනින්ම පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතු බවද රජය දැනුම් දෙයි.
දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සහ සේවයට කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට පිළිවන. පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළයුතු වේලාව උදේ 10.00 ලෙස නියම කර තිබේ.
වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනයා අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක්රැස්වීම නතර කළයුතුව ඇත. ගමනාගමන මණ්ඩල බස්රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සදහා යන එන අයට පමණක් සීමා කෙරේ.
අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළයුතු අය හැර සෙසු ජනයාගෙන් රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටින්නැයි ඉල්ලීමක් කෙරේ. කවරකු හෝ නිවසින් බැහැර යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි. මේ සෑම අවස්ථාවකම කොරෝනා පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතුය. පොලිස් බලධාරීන් විසින් නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත් වලංගුවන්නේ රියැදුරු සහ රථයේ ගමන් කරන අය මුඛ ආවරණ පැළඳ සිටින්නේනම් පමණි.
කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මැයි 06, බදාදා දක්වා ක්‍රියාත්මක වනුයේ කලින් පරිදි රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වාය.
මේ දිස්ත්‍රික්කවල මැයි 06, බදාදා රාත්‍රී 8.00ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 සඳුදා අලුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

COMMENTS
බල ලෝභීත්වය හින්දා නිය පොත්තෙන් කඩන්න තිබුණ දේ දැන් පොරවෙන් කපනවා...
සුපිරි එකෙන් කන්න හදන්නේ. අපේ රටේ මිනිස්සුන්ට සිමා නිර්ණයක් ගැන මතකයක් නැ. කොරෝන මේ විදිහට හරි කොන්ටෝල් වෙලා තියන්නේ මේ රෙස්ට‍්‍රික්ෂන් එක නිසා. තවමත් අපි ලොකු රිස්ක් එකක ඉන්නේ.
එහෙමම රට ඉන්න අපිවත් ගෙන්න ගන්න අවස්ථාවක් ලබාදෙනවා නම් ගොඩක් පින්...
ජනතාව තේරුම් ගත යුත්තේ, මෙම සහන කාලයට අදාල පොලිය සහ වාරිකය ණය මුදල පෙර පැවති ගෙවා නිම කල යුතු කාලයට මාස හයක කාලය තුල තමන් විසින්ම ගෙවිය යුතු බවයි. එබැවින් සහනය ගැනීම අත්‍යාවශ්‍ය නම් පමණක් ගතයුතු බවත් ගෙවිය හැකි යම් අයෙකු වාරික ගෙවන්නේ නම් එය තමනටද, මූල්‍ය ආයතනයටද යහපත් බවයි.
සහන කාලයට අදාලවන වාරික පොලිය රජය විසින් මූල්‍ය ආයතනය වලට නොගෙවන බැවින් මෙහි ඇත්ත වාරික ගෙවීමේ කාල පමා සහනය පමණි. අවසානයේ තමන්මම ගෙවිය යුතුය..
රට යහපත් වේවා !!! ඒත්, මුළු රටම මෙසේ එක්වරම විවර කිරීම හොඳද මන්දා. කොළඹ කළුතර ගම්පහ ආදී දිසාවල බේරුවල දීනගොඩ, අටළුගම ආදී කුඩා ප්‍රදේශවල රෝගය තිබුනත්, ප්‍රවුර්ති වලදී රතුවෙන් පෙන්වන්නේ මුළුමහත් දිස්ත‍්‍රික්කයන්මය. මෙයින් රට පුරා වැරදි මතයක් ඇතිවේ. මේවා කව්රු කරත් වැරදි වැඩ වෙයි. දිසාවෙහි කිහිප තැනෙක තියෙන දේට මුළු දිසාවම හංවඩු ගැසීම නොකළ යුත්තකි. දිසා අතර තහනම හා ඇඳිරි නීතිය තිබීම අත්‍යාවශ්‍යය.
අනේ මෙහෙම වෙනකොට එදිනෙදා වේල සොයාගෙන ජීවත්වුනු අහිංසක අපේ දරුපවුල් වලට මොකද වෙන්නේ. සති දෙකක් ඉවසුවා, මාසයක් ඉවසුවා. දැන් මාස එකහමාරයි ඒත් බාලගිරි අද නෙමේ හෙට... අපේ යුතුකම රට වෙනුවෙන් අපි ඉටුකලා. එත්... මගේ රටට මොකද උනේ? අපේ කැප කිරීම් වල ප්‍රතිපල වලට මොකද දෙවියනේ උනේ...? වෙලාවකට මම කියන්නේ මොනවද මට තේරෙන්නේ නැහැ.. තාත්ත කෙනෙක් කිරිකැටි දරුවාව සෙල්ලමට උඩ දදා ඉන්නවෙලේ තාත්තගේ සරමකැඩුන නිසා උඩදාපු දරුවාව අතැරිලා දරුවා එතනම මියගියාලු. අන්තිමේ මරණ පරීක්ෂණය වෙලාවේ අම්ම සාක්ෂි දුන්නේ දරුවා නැති උනේ පඩිපෙළින් වැටිලා කියලලු...
මේ කාලකන්නි ආණ්ඩුවට කොරෝනා පාලනය කරගන්න බැහැ .සති දෙකකට කලින් අනිල් ජාසිංහ කිව්වා දැන් ලංකාව උපරිමය පහුකළා කියලා. එතකොට කොරෝනා රෝගීන් දෙසිය ගානයි හිටියේ .තවමත් මිනිස්සු ගෙවල් ඇතුළේ හිරකාරයන් කරලා. පාලකයොයි ඒ අයගේ හෙන්චයියෝයි මහජන බදු මුදලින් සැප විඳිනවා .මිනිස්සු කන්න නැතුව හුල්ලනවා .මහා මැතිවරණයේදී මේවට සුපිරියටම උත්තර ලැබෙනවා හොම්බෙන් යන්න.
එහෙනම් සීමා මායිම් එක්ක චන්දෙත් තියලා සීමා මායිම් නැතුව 3/2 ගන්නත් පුළුවන්.
කොරෝනා වයිරසය පාලනය කිරීමට අපොහොසත් රටවල් ද ජනජීවිතය යථා තත්වයට පත් කිරීමට උදව් වේ. ඒ ඇතැම් රටවල කොරෝනා ජනතාව පසුපස දුවද්දී අපේ රටේ එසේ නොවේ. අපේ රටේ කොරෝනා මර්ධනය ඉතා විධිමත්ව සිදුවේ. දැන් දොරගුළු ටිකෙන් ටික ඇර විමසිල්ලෙන් ජනජීවිතය සාමාන්‍ය තත්වයට පත්කිරීමට රජය උත්සාහ ගැනීම වරදක් නොවේ. යහපත් සෞඛ්‍ය පුරුදු ජනතාව නිතිපතා පවත්වා ගෙන යා යුතුය. නිරතුරුවම අප විමසිලිමත් විය යුතුය.
මිනිස්සු මොනවා දීලද බඩු ගන්නේ? වැටුප් නොලබන මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් තියෙනවද? ලෙඩා මළත් බඩ සුද්දයි වගේ
රජය දීපු රු.5000/= වියදම් කරලා තව ඉතුරුත් තියනවා. අනේද කියන්නේ ?
ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා නිකුත් කළ ප්‍රකාශයට අනුව මැයි 11 වන විට රට යථා තත්ත්වයට පත් නොවනු ඇත. අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා සඳහා රජය යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට යන බව පැහැදිලිය. කොරෝනා බිය පහව නොයනු ඇති අතර, ජුනි 20 වෙනිදා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට හැකියාවක් නොලැබෙනු ඇත. මෙම ලිපිය පුරාම ඇති කරුණු වලින් පෙනී යන්නේ රට යථා තත්ත්වයට පත් වී නැති බවත්, කොරෝනා වෛරස් වසංගතයේ බිය අවසන්වී නැති බවත්ය. කෙසේ වෙතත්, මහජනයාට සිදුවන හිරිහැර හා හානිය අවම කිරීම සඳහා, අත්‍යවශ්‍ය සේවාවන් දැඩි සෞඛ්‍ය හා ආරක්ෂක මාර්ගෝපදේශ මගින් පවත්වා ගත යුතු බව සත්‍යයකි. එහෙත් මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය සේවාවක් නොවන අතර මෙම තත්වයන් යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය නොහැක. ජුනි 20 මැතිවරණය පැවැත්වුවහොත්, මා වැනි මිලියන සංඛ්‍යාත ජනතාවට ඡන්දය දීමට නොහැකි විය හැකිය. මේ ආකාරයෙන් ඡන්දය දීමෙන් වැළකී සිටින බොහෝ දෙනා විපක්ෂයට ඡන්දය පාවිච්චි කරන අය වෙති...
විපක්ෂෙට ඕනේ නැවත පාර්ලිමේන්තුව කැදවා අහිමි වෙන්න යන විශ්‍රාම වැටුප ගන්න. මෙතන සමහරක් කියනවා ආණ්ඩුවට ඕනේ චන්දෙ තියන්න. චන්දේ තියන්නේ මැතිවරණ කොමසාරිස්නේ. ජනතාව හරිහැටි ව්‍යවස්ථාව කියවන්නේ නැති නිසා ඕන බොරුවක් දේශපාලකයන්ට කියන්න පුළුවන්. ඒවා පිළිගන්න නුගත් චන්ද දායකයෝ ඉන්නවා .
රටේ සමෘධි ලාභීන් නොවන අය කුමක් හෝ රැකියාවක් කරගෙන ජිවත් වෙන්නේය. සාමාන්‍යයෙන් මනුස්සයෙක් තමන් කරන රැකියාව අනුව මාසයකට සුළු මුදල් ප්‍රමාණයක් ඉතිරි කල යුතුබව අමුතුවෙන් කිය යුතු නොවේ. දවස් 45 පමණ රැකියාවක් නොමැති නම් ඉතිරිකළ මුදල් හා රජයෙන් දුන්නු 5000 ජිවත් වීම කල හැකි වේ. (රැකියාව අහිමිවීම කොරෝන වලින් විතරක්ම නොවන නිසා) රටේ ජනතාව වශයෙන් කොරෝනා මර්දනය තනිවම කරන්න බැහැ. එය රජයෙන් අනිවාර්යෙන්ම කල යුතුයි. රජයෙන් එය යහපත් ආකාරයෙන් ඉටුකරයි. නමුත් අපේ මෝඩ ජනතාව රජයෙන් බලාපොරොත්තු වෙන්නේ කොරෝනා මර්දනයට වඩා එදා වෙලා රජයෙන් ලබා ගැනීමයි. ඒ වගේ ඒ මිනිස්සු කතාකරන්නේ කොරෝනා මර්දනයට වඩා රුපියල් 5000 ගැනයි. මෙතන බොහෝ අදහස් පළකර තිබෙන්නේත් එවැනි අදහස් තිබෙන්නන්...
අපි මේකේ වැළලිලා වැඩක් නැහැ. දැන් කට්ටියක් කියනවා චන්දය තියන්න කියල, තව කට්ටියක් කියනවා එපා කියල, තව සමහරක් මැතිවරණ කොමිසම චන්දයට දැන් දීල තියෙන දිනය ව්‍යවස්ථා විරෝදියි කියල උසාවි ගිහින් සමහරු චන්ද දිනේට මරාගන්නවා. මැතිවරණ කොමිසම තුන්දෙනා එහෙන් කෙලගන්නවා. තම තමන්ට වාසි තියෙන විදියට ඒ ඒ අය ඒක එක ගොඩවල් වල ඉදන් එක එක කතා කියනවා. දැන් කරන්න ඕනේ ව්‍යවස්ථාවේ තියෙන පිළිවෙලට චන්දය තියෙන එක මොකද ලංකාවේ ඔක්කොම එක මතයකට ගෙන්න අමාරුයි. දැන් මැරෙන්න හදන්න එපා චන්දෙ දෙන්නත් ජීවත් වෙලා ඉන්න ඕනේ කියල වෙන රටවල් කොරෝනත් එක්ක ඒගොල්ලෝ යථාතත්වයට එනවා ටික ටික අපි පිල්වලට බෙදීල කුලල් කා ගන්නවා.. අඩුගානේ කොටස් වශයෙන් හරි චන්දය තියන්න ඕනේ වෙලාවට ව්‍යවස්ථාවේ අර්බුදයක් වෙන්නේ නැතිව එහෙම නොඋනොත් පසුවට ඒක පෙන්න පෙන්න වැරදි වැඩ කරන්න පුර්ව ආදර්ශයක් ගන්නවා අපේ අය ඉසරහට. කඩේ යාමක් නොවෙයි අපේ රටේ මෙච්චර කල් වෙච්ච සිදුවීම් බලල තමයි ලිව්වේ....