
(සුජිත් හේවාජුලිගේ )
සෑම මන්ත්‍රිවරයකු ම කැබිනට් ඇමති ධූරයක් බලාපොරොත්තුවෙන් සිටියද ව්‍යවස්ථානුකූලව ලබාදිය හැකි කැබිනට් අමාත්‍ය ධූර 30 ට වැඩියෙන් ලබාදී ජනතා පොරොන්දුව කඩ කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපති ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
සෑම මන්ත්රිවරයකුම කැබිනට් අමාත්‍ය ධුරයක් බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු සඳහන් කළේය.
සිදුවන පසුබෑම්වලදී කණ්ඩායමක් ලෙස මුහුණදීම සාමූහික වගකීමක් බවත් එසේ නොකර අඩුපාඩුකම් පිළිබඳ පමණක් විවේචනය කරනවා නම් එය අදාළ පුද්ගලයාගේ අකාර්යක්ෂමතාව බවත් ජනාධිපතිවරයා පැවසුවේය.
තමා පොරොන්දු වූ වගකීම් කොවිඩ් හේතුවෙන් අහිමි වූ වසර දෙක ගැන නොසිතා ඉදිරි තෙවසරේදී ඉටු කිරීමට කැප වන බව ද ජනාධිපතිවරයා මෙහිදී කීවේය.
ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ මොනරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමේ උත්සවයේදීය.
මෙම උත්සවය එම විද්‍යාලයේදී අද (7) පෙරවරුවේ පැවැත්විණ.
ජනතාව වෙනුවෙන් ගන්නා තීරණවලදී සහායවීම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් බව පැවසූ ජනාධිපතිවරයා රටක ඉදිරි ගමන වෙනුවෙන් ම මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් සියලු දෙනා එකට එක්ව කණ්ඩායමක් ලෙස වැඩකිරීමේ වැඩ කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.
තීරණ ගැනීමේදී නිලධාරීන් වැඩ කළ හැක්කේ කෙසේදැයි පමණක් බලන ලෙසත් එසේ නොමැතිව චක්‍රලේඛ දඩමීමා කරගෙන වැඩ කළ නො හැක්කේ කෙසේදැයි නොබලන ලෙසත් ජනාධිපතිවරයා පැවසීය.
රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ සඳහා ඉදිරි වසර තුනේදී පූර්ණ සහය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ සියලු දෙනාගෙන්ම මෙහිදී ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිවරු 30... රාජ්‍ය ඇමැතිවරු ඕනෑ ගණනක්. විකාර කතා ජනතාව අන්දවන....
ඔබතුමා කාර්යක්ෂමද? මහ මුදලිතුමෝ...!
පවුලේ උදවිය බෙදාහදා ගත්තම ඇතිනේ? රටම හිගමනට පත්කෙරුවා මදිවට තවත් ජනතාව අන්දවන්න හදනවා. මේ දූෂිත පවුල් පාලන ආණ්ඩුව ඉක්මණින් චුතවෙලා යනවා නම් ලොකු දෙයක්...
ඒක නම් සම්පූර්ණ ඇත්ත. ලොකු පුටු දෙන්න නම් නමේ කොතෙන්ට හරි "රාජපක්ෂ" කියලාවත් ගෑවිලා තියෙන්න එපායැ. නැත්නම් ලොකු ලොකු ගොට්ටවල් අල්ලන්න එපායැ... නැතුව කොහොමද? ඔය ටිකවත් තේරෙන්නේ නැති මිනිස්සු එක්ක කොහොමද රටක් හදන්නේ?...
මෙයාගේ කතා අහලා දැන් එපාවෙලා තියෙන්නේ... රට ගැන කිසිම හැඟීමක් නැහැ. කාලකන්නි සහෝදර සමාගම ගැන විතරයි හිතන්නේ...
ජනතාව වෙනුවෙන් ගන්නා තීරණවලදී සහාය වීම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යුතුකමක්ලු... එහෙම ජනතාව වෙනුවෙන් ගත්තු තීරණය කුමක්ද? රටේ සම්පත් එකින් එක විදේශ සමාගම්වලට විකුණන්න.. එ්ක තමයි අපි දැක්කේ... මේවාටද විපක්ෂයේ සහාය ඉල්ලන්නේ...
ඉතිරි අවුරුදු 3ට මෙයාට මොනවද කරන්න පුළුවන්...? තවත් අපිව ණයකාරයින් කරනවා මිසක්....
නටන්න බැරි පොළව ඇද නිසා නේද?
ඔබ තුමා කැළණි පන්සලට ගියාලු නේද. පාරවල් ඔක්කොටම වහලා.
තව අවුරුදු පනහකෙන් ඉපදෙන දරුවෝ ලෝකෙට ණය කාරයෝ නොකර දැන්වත් යන්න.
හා අපි පිළිගත්තා. දැන් ඉඳන් සෞභාග්‍යය දෝරේ ගලයි..
තවත් රට කනකල් බලා ඉන්නවද? නැත්නම් මේ හොර පවුල් කට්ටියම එකතුවෙලා පන්නලා දානවද?
මම ණය ගත්තේ නැතිලු, වසර දෙකක් පොහොර සහනාධාරය දුන්නලු ඒවා ඇත්තද? මේ කාබනික පිස්සුව නිසා රටම බඩගින්නේ, හාල් 150යි, ඒ ගානට කෑ හැකිද? රටේ නිෂ්පාදන වලට හොඳ මිලක් ලැබෙනවාලු, එහෙනම් තේ දලු ගැන මොනවද කියන්නේ? ඒකට ලැබෙන මිල එතැනමයි. රුපියල අවම වීමේ වාසියවත් ලැබෙනවාද? අපනයන වලට වැඩි මිලක් ලබා ගැනීමට කරපු දෙයක් නැහැ. ඒවා ඉබේ වෙච්චි දේවල්, එහෙම කරගන්න ලෝක ප්‍රජාව ඉදිරියට යන්න පුළුවන් කට්ටියක්ද මේ සහෝදර කල්ලිය...?
පාර්ලිමේන්තු ක්‍රමය පටන්ගත්ත එංගලන්තයේත්, තවම තිබෙන්නේ ලෝඩලා සාමිලා එකිනෙකා ඇඟට වැදී වාඩිවෙන පුටු... පොඩිකාලේ පිනට බෙහෙත් ගන්න බැංකුවේ මේ බයියන් පාර්ලිමේන්තු සැප පුටුවල වාඩිවුණා මදිවට ලොකු පුටුත් හොයනවා. රනිල් හිටියා නම් ගෙදර ගෙනියන්නත් පුටු දීලා...
රටේ ලොකු පුටු මුලින්ම පවුලේ උදවියට බෙදලා දීලා ඉතුරු ටික ජොනී, රත්තරන්, චන්ද්‍රසේන, කෙහෙළිය වැනි කිසිම වැඩකට නැති පුද්ගලයින්ට දීලා, ආණ්ඩුවේ ඉන්න තිස්ස විතාරණ, ප්‍රනාන්දුපුල්ලේ, රමේෂ් පතිරණ වැනි චරිතවලට විෂයට අදාළ නැති පොඩි පොඩි බැංකු ටිකක් දීලා ඉතින් කොහොමද රට ඉදිරියට යන්නේ...?
ඉතින් 2/3 තියෙනවනේ... ව්‍යවස්ථාව ටිකක් ලොකු කරලා හැමෝටම දෙන්න...
ඒවා ගෝනි අරන් කඩේ යන මන්ත්රීලාට පමණයි..
පවුලේ උන්ටික බෙදාගත්තාම වෙන අයට තනතුරු විතරක් නෙමෙයි, රටේ මිනිස්සුන්ට සල්ලිත් නෑ. නිකන් විහිළු සපයන්නේ නැතිව දැන්වත් ගෙදර යන්න..
ඕවා කියන්න ඕනෙ අපිට නොවෙයි.. ඔයාගේ චීන යාළුවන්ට... මොකද ඔයා දැන් අපිට විහිළුවක් විතරයි. ඔයා දැන් නිකන් පඹයෙක් වගේ...
රට විනාශ කරලා, දැන් ඒක කොවිඩ් පිට දාලා මෙයා ශේප් වෙන්නයි හදන්නේ. නොදන්නා කමයි, නූගත්කමයි, උද්දච්ච කමයි, හීන මානයයි, බොරු බේගල් කීමයි, පවුලේ එවුන් දාගෙන රට විකුණන් කෑමයි, කොමිස් ගැහිල්ලයි නොකළා නම් රට මෙලහකට ගොඩ. දැන්නම් ඔය බයිලා වැඩක් නැහැ. රට අවුරුදු 50කට පස්සට ඇරියේ මෙයා හිටිය මේ අවුරුදු දෙකටයි.
පොඩි වැඩයි කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුවට පනතක් ගේන්න අවුරුදු 15ක් එක දිගට මන්ත්‍රී කෙනෙක් නොවුණු කිසිම කෙනෙකුට නියෝජ්‍ය හෝ රාජ්‍ය ඇමති තනතුරුත් අවුරුදු විස්සක් නොමැතිව ඇමති තනතුරුත් නැහැ කියලා පළාත් සභා අහෝසි නොකරනවා නම් මහ ඇමති වෙන්න අවුරුදු විස්සක සේවා කාලයකුත් ඇමති වෙන්න අවුරුදු 18 ක කාලයකුත් ආණ්ඩුකාර කෙනෙක් වීමට අවුරුදු 75 නොඉක්මවූ පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවේ අවුරුදු 25ක සේවයකුත් අනිවාර්ය කරන්න. ඒක අමාරු නම් සියලු දෙනාම ඇමතිවරු හෝ වරියන්සේ සලකා ඇමති තනතුරු දරන අය මන්ත්‍රීතුමා හෝ මන්ත්‍රීතුමිය කරන්න. ප්රශ්නය විසඳේවි..