2026 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් මෙම  ජූලි 23 දක්වා මාර්ගගතව විවෘතව පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය නිවෙදනය කර ඇත.

මාර්ග ගත ක්‍රියාවලිය ඔස්සේ අයැදුම් පත් ඉදිරිපත් කළ හැකි අතර එහි අවසන් දිනය ජුලි 23 වැනි දාය.

2026 සාමාන්‍ය පෙළ විභාගය 2026 දෙසැම්බර් 8 සිට දෙසැම්බර් 17 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

පාසල් අයැදුම්කරුවන් තම පාසල් විදුහල්පතිවරුන් හරහා අයදුම් කළ යුතු අතර පෞද්ගලික අයදුම්කරුවන් තම අයදුම්පත් තනි තනිව මාර්ගගතව ඉදිරිපත් කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිවෙදනය කරයි.