(සුජිත් හේවාජූලිගේ)
රුසියාවේ නිෂ්පාදිත ‘‘ස්පුටිනික්‘‘ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා හැත්තෑ ලක්ෂයක් මිලදී ගැනීමට පියවරගෙන ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දිනුෂ දසනායක මහතා පවසයි.
එම එන්නත් මිලදී ගැනීමට අදාල ගිවිසුම ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සහ ස්පුටිනික් එන්නත නිපදවන රුසියාවේ ගැමීලියා ආයතනයේ නියෝජිතයන් අතර අද (31) අත්සන් කෙරුණු බව ද ඔහු කියයි.
ස්පුටිනික් එන්නත් මාත්‍රා ලක්ෂ හැත්තෑවක් මිලදි ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ලැබී ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.
එම ගිවිසුම අනුව එම එන්නත් තොගයේ පළමු කොටස ලබන මස මැද මෙරටට ලැබීමට නියමිතය. සෙසු එන්නත් තොග මැයි සිට දෙසැම්බර් දක්වා කාලයේ ලබාදීමට එම ආයතනය එකඟතාවය පළ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලා කියන්න මොනවද වික්කේ කියලා..
ජීවිතයට ආදරේ කෙනෙක් ගහගන්න එපා... ඔය එන්නතයි, චීනාගේ එන්නතයි. ඔය බෙහෙත් වර්ග 2 ම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කරලා නැහැ.