(සුජිත් හේවාජුලිගේ)

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා හැට පන් දහසක් මෙරටට හෙට (11) ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ලංකාදීපයට පැවැසීය .

මේ එන්නත් ලැබුණු වහා තෝරාගත් කණ්ඩායම්වලට ඒවා ලබාදීමට සැලසුම් කර ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා කීවේය .

මේ අතර ස්පුට්නික් එන්නත මෙරටේ නිපදවීමට රුසියාව දැනටමත් සහාය පළකර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි .

චීනයේ නිෂ්පාදිත සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක තොගයක්ද මේ සතියේදී මෙරටට රැගෙන එනු ලැබීය .

සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක තොගයක් පසුගිය 6 වැනිදා ද තවත් ලක්ෂ දහයක් ඊයේ (9) දිනයේදීද මෙසේ රැගෙන එන ලදී.