IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ස්පුට්නික් එන්නත අත්‍යවශ්‍ය සේවාවලට මුලින්ම

(අජන්ත කුමාර අගලකඩ)

රුසියාවෙන් ගෙන්වනු ලබන ස්පුට්නික් v එන්නත විදුලි බල සේවකයන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල සේවකයන්ට ප්‍රමුඛතාව මත ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ස්පුට්නික් පහ එන්නද විදුලිබල සේවකයන්ට ප්‍රමුඛතාව මත ලබා දෙන ලෙසට විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම මහතාවිසින් කරන ලද ඉල්ලී මක් සැලකිල්ලට ගනිමිනි .

විදුලි බලාගාර කිහිපයක සේවකයන් පසුගිය කාලයේ කොවිඩ් වෛරසයට ගොදුරු වූ බව සඳහන් කර ඇති ඇමතිවරයා එවැනි තත්ත්වයක් ඉදිරියටත් ඇති ඇතිවුවහොත් එය විදුලිබල සැපයුමට ගැටලුවක් විය හැකි බව පෙන්වා දී ඇත .

එබැවින් එන්නත් ලබාදීමේදී විදුලි බල සේවකයන්ට ප්‍රමුඛතාවක් ලබා දෙන ලෙස ඇමතිවරයා ඉල්ලා ඇත .

ඊට පිළිතුරු දී ඇති ජනාධිපති රාජපක්ෂ මහතා විදුලි බලය ඇතුළු අත්‍යවශ්‍ය සේවා වල සේවකයන්ට ප්‍රමුඛ තාව මත එන්නත් ලබාදීමට පියවර ගන්නා බව සඳහන් කර ඇත .

 



අදහස් (4)

ස්පුට්නික් එන්නත අත්‍යවශ්‍ය සේවාවලට මුලින්ම

sharm warn Tuesday, 04 May 2021 05:19 AM

ඉන්දියාවෙන් මාත්‍රා ලක්ෂ පහක් එවද්දි රුසියාවෙන් 15000 ක් එවන්නේ මොකද? හරිම සුන්දර ව්‍යාපාරයක් වගේ.උදයංග එහෙමත් දැන් එලිපහලියේ ඉන්නවා නේ

:       6       6

Rata Perata Tuesday, 04 May 2021 06:20 AM

ඔය එන්නත් 15000 මොන බම්බුවක් කරන්නද? ඒකටත් කැබිනට් රැස්වීම්... රටට මිලියන ගාණක් එන්නත් ඔනෑ... ඒවා ගැන කිසි කතාවක් නෑ..

:       6       4

thusitha madanayaka Tuesday, 04 May 2021 09:06 AM

කරුණාකරලා ලෝක සෞක්‍ය සංවිධානය අනුමත කර ඇති එන්නත් පමණක් මේ දුපතේ වැසියන්ට විදින්න. මේ ස්පුටිනික් එන්නත අනුමත කරලා නැහැ. ජනතාව ගොන්නුන්ට අන්දවන්න එපා.

:       8       5

anaTuesday, 04 May 2021 02:55 PM

රුසියාවේ රෝගින් අඩුවීම බලන්න. ස්පුට්නික් රටවල් ගණනාවක විදිනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site