IMG-LOGO

සිපෙට්කෝ පිරවුම්හල් විදේශ සමාගම්වලට

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) සතු ඉන්ධන පිරවුම්හල් ඉන්ධන සැපයුම සඳහා විදේශීය සමාගම්වලට ලබාදීමට කැබිනට් මණ්ඩලයට හෙට (27) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (26) පැවසීය.

මෙහිදී ඉන්ධන නිපදවන රටවල්වල සමාගම්වලට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බවත් එම සමාගම් මාස 6 ක් හෝ වසරක කාලයක් ඔවුන්ගේ මව් සමාගම්වලින් ණය ක්‍රමයකට ඉන්ධන ලබාගෙන සැපයීමෙන් ශ්‍රී ලංකාවට විදේශ මුදල් පිළිබඳව බරක් නොවිය යුතු බවත් අමාත්‍යවරයා කීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 1190 එම සමාගම්වලට 200 බැගින් හෝ ලබාදිය හැකි නම් ඉන්ධන ගැටලුවට විසඳුමක් වියහැකි බව කී අමාත්‍ය විජේසේකර මහතා ඉන්දියන් ඔයිල් සමාගම තවත් පිරවුම්හල් 50 ක් හෝ අලුතෙන් පිරවුම්හල් ස්ථාපිත කිරීමට හෝ ඉල්ලා ඇති බව ද සඳහන් කළේය.

 



අදහස් (10)

සිපෙට්කෝ පිරවුම්හල් විදේශ සමාගම්වලට

Hafeel Sunday, 26 June 2022 05:10 PM

එහෙම නම් මේ අංශයට ඇමැති කෙනක් අවශ්‍ය නැහැ. රටට බර නැතුව දැන්ම තනතුරෙන් අයින් වෙලා යන එකතමයි තියෙන්නේ...

:       10       80

Wijith Sunday, 26 June 2022 06:17 PM

ෂෙඩ්වල ඉන්ධන නැති කළ හේතුව දැන් හිතාගන්න පුළුවනි...

:       6       61

ranjith Sunday, 26 June 2022 06:32 PM

මෙයාලා රට බංකොළොත් කළේ ඔක්කොම ටික විකුණලා දාන්න වෙන්න ඇති... රට කෑවා.

:       6       57

BamunuarachchiMonday, 27 June 2022 08:03 AM

දන්නා දෙයක් කතා කරන්න..

:       0       2

චන්දන Sunday, 26 June 2022 06:40 PM

දැන් නම් අපිට හිතෙන්නේ කාට හරි දීලා තෙල් ටික ගෙනත් දීපල්ලා කියන්න. රටේ තව විකුණන්න දෙයක් තව ඉතිරි වෙලත් නැහැනේ...

:       4       50

pakeer Sunday, 26 June 2022 06:46 PM

හැබැයි ඒත් ඩොලර් ප්‍රශ්නේ ඉවර වෙනවනේ...! ඔවුන්ට රුපියල් වලින් අපිට ගෙවන්න බැහැනේ.. ඉතින් ඒකට විසඳුම තමයි... අපි ඩොලර්වලට මාරුවෙමු. පිටරට ඕන සමාගමකට... පුළුවන් මෙහෙ බඩු විකුණන්න.. අපිට ඩොලර්වලින් ගෙවන්න. ඇමැති ගෙදර යන්න.

:       2       47

Nandana Sunday, 26 June 2022 07:19 PM

පොර ටෝක්ස් දුන්නට තවත් වැඩ බැරි ටාසන් කෙනෙක් වගේ...!

:       5       49

ජයලත් Monday, 27 June 2022 05:48 AM

ඔය ඉන්දියන් ඔයිල් සමාගමේ දැනුත් තෙල් නැති එකේ තව දුන්නත් ඔහොම තමයි... වෙන රටකට දුන්නා නම් හොඳයි ...

:       0       2

Demuni Uduwara Monday, 27 June 2022 08:27 AM

බළල මල්ලෙන් ඒළියට පනින්න දෙන්න ඒපා. හංගාගෙන හිටපු කුමණ්ත්‍රණයක් එළියට...

:       0       0

Chandima Monday, 27 June 2022 08:59 AM

ඒගොල්ලෝ එක තෙල් නැවක් ගෙනත් වික්කාම ඒවාට ලැබුණු රුපියල් ඩොලර්වලට මාරුකරලා දෙනවද? දෙවැනි නැව ගේන්න. එහෙම නැතිනම් අවුරුදු 6 ක් ඒ ගොල්ලන්ගේ ඩොලර්වලට තෙල් ගෙනත් අපිට රුපියල් වලට තෙල් දිදී ඉන්නවද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 69 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site