
(රන්ජන් කටුගම්පොළ)
‘ස්පා’ සම්බාහන ප‍්‍රතිකර්ම නීතිගත කරන පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීමට නීතිපතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ලංකා ස්පා සම්බාහන හිමිිකරුවන්ගේ සංගමය අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේය.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
පෙත්සම්කරු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ බලපත‍්‍රලාභී ස්පා සම්බාහන අයිකරුකරුවන්ගෙන් සැදුම් ලත් සංගමයකි. ඔවුන්ගේ සෑම සම්බාහන මධ්‍යස්ථානයකම සුදුසුකම්ලත් අයුර්වේද වෛද්‍යවරයකු මෙන්ම සුදුසුකම් ලත් තෙරපිවරියන් සහ තෙරපිවරුන්ද සිටින බව පෙත්සමේ සඳහන් කර ඇත.
කෙසේ නමුත් 2019 වසරින් පසු ස්පා සම්බාහන ආයතන සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම නවතා ඇති හේතුවෙන් පොලිසිය වරින්වර තම ආයතනවලට කඩාවැදී සේවා සැපයීමට බාධා කරනු ලබන බව ස`දහන් කරන පෙත්සම්කාර සංගමය මෙම ආයතන නියාමනය කිරීමට කෙටුම්පතක් සකස් කිරීමට යන බව දැනගන්නට ඇති හෙයින් අදාළ කෙටුම්පත කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංසාගේ තාත්තා තමයි වැඩියෙන්ම සතුටු වෙන්නේ.
සංචාරක කර්මාන්තය දියුණු කිරීම තුලින් රටට ආදායම් වැඩි කරගන්න සහ අවශ්‍ය දේශීය විදේශීය ඕනෙම අයෙකුට මේ සේවය විශ්වාසයසක් ඇතිව ලබාගන්නට රජය ක්‍රමවත් වැඩපිළිවෙලක් සකසා රජයේ නිරීක්ෂණයට යටත්ව හැකි ඉක්මනින් මේ කර්මාන්තය ප්‍රචලිත කලයුතුය..
ඉතා හොඳ ඉල්ලීමක්. එම කර්මාන්තය එවිට ප්‍රමිතිගත වේවි.
අපි නොදන්න චෙස්…..!
අනේ අපි නොදන්නවයැ. මෙයාලගෙ සුදුසුකම් ලත් තෙරපිවරියන් දන්නෙ මවුත්ඕගන් ගහන්නයි දෙපරන්දෙ පලල් කරන්නයි විතරයි. මේවා සියලුම දුරාචාර වපුරන තැන්. පාසැල් සිසුනුත් මේවට ඇබ්බැහි කරනවා.
මේවා දූෂණ තිප්පොලවල්. කෝටි ගනන් හම්බකලත් බදු ගෙවන්නෙත් නෑ. තෙරපිය ලබන අවස්ථාවේ, සේවා ලාභියාගේ නම, තෙරපි වරියගේ නම, ඒ අවස්ථාවේ සේවයේ නියුතු ලියාපදිංචි (කියන පරිදි) ආයුර්වේද වෛද්‍යවරයාගේ නම, අයකල මුදල, දිනය සහ වේලාව සදහන් රිසිට් පතක් ලග තිබිය යුතු බව අනිවාර්ය කල යුතුයි.
ආන්ඩුව ඔය වගේ යෝජනා එනකම් ඉන්නේ. ඉක්මනටම ඔයාලගේ අදහස ඉටුවෙයි දැන් ඉතිං කොහොමත් එකයි. හැම ආයතනයකම පිරිමි තෙරපිවරුන්ගේ සේවයත් අනිවාර්ය කරන්න.
දැන් ඉතිං සිවුරු රදවන හා පොහොට්ටු සජබ කසළ ශෝධකයන් කණ්ඩායම එයි රෙදි උස්සා ගෙන, ජාතිය ආගම සංස්කෘතිය රකින්න කියලා, ගෙඹි මානසිකත්වය හා වහල්ගැති භාවය වසාගෙන. සම්භාන මධ්‍යස්ථාන විතරක් නොවෙයි ලිංගික ශ්‍රමික සේවා සපයන ආයාතන උනත් නීතිරිති වලට යටත්ව හා නියමිත ප්‍රමිතියෙන් යුක්තව පවත්වාගෙන යන්න අවසර ලබා දිය යුතුය. මොකද ඒවා සියල්ලම වර්ථමාන මිනිසාගේ අවශ්‍යතා හා ඕනා එපා කම් අනුව නිර්මාණය කර ගත්ත ව්‍යුහයන්ය නිසා.
ස්පා විතරක් නෙවෙයි, සැප දෙන අනිත් තැනුත් නියමයක් ඇතුව නීතිගත කරන්න. ප්‍රසිද්ධියේ විරුද්ධකම් පාන ඔය ලොකු පොඩි පිරිමියෙකුම සැප දෙන තැන්වලට රිංගනවා. එම ගැහැණුන් එවැනි තත්වයන්ට පත්කළේත් ඔය සුදනෝ වගේ ඉන්න පිරිමි සංහතියම තමයි.