
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරලැස්ගමුව සම්බාහන මධ්‍යස්ථානයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාවක් සන්තකයේ තිබූ ව්‍යාජ හැදුනුම්පතක් ඔස්සේ සිදුකළ විමර්ශන වලදී වැලිකඩ සුඛෝභෝගී සිව් මහල් නිවසක හිමිකරුවකු තවත් පුද්ගලයකු සමඟ කාලයක් තිස්සේ සිදු කරගෙන ගිය ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු ලිපි ලේඛන සකස් කිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවූ බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමඟ පරිගණකයක් , ප්‍රින්ටරයක් , ලැමිනේටින් යන්ත්‍රයක්, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් , ව්‍යාජ ආදායම් බලපත්‍ර , විදේශ වීසා පිටපත් අධ්‍යාපන සහතික පාඨමාලා සහතික ඇතුළු විවිධ ව්‍යාජ සහතික පත්‍ර තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.
නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බොරලැස්ගමුව ප්‍රදේශයේ සම්බාහන ආයතනයක් වටලා අත්අඩංගුවට ගත් කාන්තාවක් සන්තකයේ ජාතික හැඳුනුම්පත් දෙකක් තිබීම සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත සිදුකළ පරික්ෂා කිරීමේදී එක් හැදුනුම්පතක් ව්‍යාජ එකක් බවට අනාවරණය වීමෙන් අනතුරුව සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරමේ සුල මුල අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසියය කියයි.
2025 නොවැම්බර් මස 04
750
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2404
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ස්පා කත හොර ලේඛන හදන තැනකට පාර පෙන්නයි
වින්සන්ට් කජ්ජා Wednesday, 09 April 2025 07:54 PM
නෑමොල් ජාතික ලැයිස්තු හොර උපාධි ගැනනම් මතක් කරන්නවත් එපා...
පොඩිඑකා Wednesday, 09 April 2025 09:33 PM
එතන සූරවීරවංස කියල කෙනෙකුත් හිටියද?
de silva Thursday, 10 April 2025 08:37 AM
ව්‍යාජ හැදුනුම්පත් නිකුත් කිරීම බරපතල ප්‍රශ්නයක් , තවම මේ සම්බන්ධ විමර්ශන සම්පුර්ණයෙන්ම අවසන් නැතුව ඇති , නමුත් නිලධාරීන් සියලු දෙනාගේම පින්තුර පත්තරේ දැමුවම ඉදිරියට වැටලීම් කරන්න සිවිල් නිලධාරීන් එනකොට අපරාධ කරුවන්ට පුළුවන් දුරතියාම අදුර ගන්න , මෙහෙමත් මෝඩ බොළඳ පොලිසියක් ලෝකෙම නැතුව ඇති ,
කෞෂිThursday, 10 April 2025 11:47 AM
ඒ වුණාට හරි පොටෝජෙනික් නේද...? නම, ගම, වයස එක්ක පින්තූරේ විස්තරේ වැටෙනවානේ..