ටොන්ගා දුපත් රාජ්‍යයේ ගිනි කන්දක් පිපිරී යාම නිසා ඇතිවූ සුනාමි තත්වයෙන් ඇති වූ රළ පහරකට හසුවී මුහුදට ගසා ගෙන ගිය ටොංගා ජාතිකයකු පැය 27 මුහුදේ පාවෙමින් ජීවිතය බේරා ගත් පුවතක් ටොන්ගා රාජ්‍යයෙන් වාර්තා වෙයි.

57 හැවිරිදි ලිසාලා ෆෝලාව් රැකියාවෙන් විශ්‍රාමික වඩු කාර්මිකයෙකු වන අතර ඔහු  අබාධිතයෙකි.  සුනාමි රළ තත්වයත් සමග මොහු සහ මොහුගේ ඥාති සහෝදරයකු මුහුදට ගසා ගෙන ගොස් ඇති අතර ජීවත් වීමේ උත්සාහය අත් නොහැරපු ලිසාලා පැය 27 මුහුදේ පාවෙමින් පිහිනමින් කිලෝ මීටර 13 කට ආසන්න ප්‍රමාණයක් පිහිනා දිවි බේරාගෙන තිබේ.

මෙම අත්දැකීම සම්බන්දයෙන් අදහස් දක්වමින් ලිසාලා මහතා මෙසේ පැවැසීය.

ආපු රළ මම දැක්ක විදිහට නම් මීටර් හයට වැඩියි .ඒ ආපු රළට අහුවෙලා  මගෙ මල්ලි සමග මා මුහුදට ගහ ගෙන ගියා. පස්සෙ මාව අට පාරක් වතුරෙ ගිලිලා උඩ ආවා මම හිතුවා ඉවරයිම තමා කියලා නව වෙනි පාරත් වතුරෙ ගිලිලා උඩ එද්දි  දර කොටයක එල්ලුනා.

ඊට පස්සේ  මගේ ඥාති සහෝදරයයි මුහුදේ පාවි පාවි කථා කර කර හිටියා ටික වෙලාවක් යද්දි මගෙ සහෝදරයගෙ කටහඬ ටිකින් ටික අඩුවෙලා ඇහෙන් නැතුවම ගියා ඒ වෙලාවේ මට ඈතින් ඇහුනා මගේ පුතා කථා කරනවා. 

ලිසාලා මහතාගේ මෙම වීර ක්‍රියාව නිසා ලොව පුරා ජනතාව කිඳුරු මිනිසා යන අනුවර්ථ නාමය ලබා දී ඇත.

(රොයිටර්ස් පුවත් සේවය ,සී.එන්.එන් සහ ද ගාර්ඩියන් පුවත් සේවය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)