(නාලක සංජීව දහනායක )
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේ හා ශ්රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් හෙට (24) පෙරවරුවේදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව පෙරවරු 8.30 ට කොළඹ, මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිත අතර ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම පෙරවරු 9.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.
මෙහිදී පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල හා ප්රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ශ්රී ලංකා තරුණ පෙරමුණේ සභාපති, ශාන්ත බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්ය දේපල අවභාවිතයක් නොවේද? මේවට වියදම් කරන්නද දිනකට ලක්ෂ 450ක් වෙන් කරන්නෙ?
ශ්රී ලංකා නිදහස් පක්ෂය අපේ පක්ෂයයි. ඔබතුමා ඊළඟ පාරත් ජනාධිපති කරමු.
ඕකට අර අනුශාසක වරයත් එයා එක්ක මලකට පැන්න කට්ටියත් සහභාගී වෙනවාද? ඒගොල්ලෝ ඒ දවස්වල උඩ පැනගෙන ගියා විතරක් නෙවේ. ඒගැන මහ ලොකුවට පාරම් බෑවා මතකයි. ඒ උනාට දැන්නම් කියන්නේ පත්තරවල පින්තුර ගියාට තවම ඔය කියන පක්ෂයේ සාමාජිකත්වයක් අරගෙන නැහැ කියලයි.
"නිල වශයෙන්" ඉදිරිපත්කර තිබෙන න්යායපත්රයට පිටින් තවත් මොන රහස් දේවල් ගැන සාකච්චා කරනවාද කියා දැනගැනීමට මහජනයාට, ඡන්ද දායකයාට අවස්ථාවක් නැද්ද? මගේ ටිකිරි මොළයට දැනෙන පරිදි, පසුගිය සතියේ අකමැත්තෙන් හෝ අගමැති කමට පත්කරපු ගරු රනිල් වික්රමසිංහ මැතිතුමා ඇතුළු සම්පුර්ණ නොවූ නව ඇමති මණ්ඩලය දෙවන වතාවටත් ගෙදර යැවීමට කරන අශීලාචාර විධායක සභා රැස්වීමක් නොවෙන්න බැරිද?