(ඩයනා උදයංගනී )
මෙවර අයවැයෙහි ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය ලබාදීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇතැයි එම පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
එම වැය ශීර්ෂය යටතේ මුදල් වෙන්කර ඇත්තේ ජාතික වකුගඩු රෝග නිවාරණ, මත්ද්‍රව්‍ය නිවාරණ ආදී වැඩසටහන් වෙනුවෙන් මිස ජනාධිපතිවරයාගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් නොවන බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.
සමස්ථ අයවැය වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්නේ කෙසේද යන්න ගැන සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ තීරණය හෙට(12) ගන්නා බවද ශාන්ත බණ්ඩාර මහතා කීවේය.
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද(11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනවලා දෙන්න. තමුන්ලා දෙවියෝ කියලනේ හිතාගෙන ඉන්නවා ඇත්තේ? බලමු ඊළඟ ඡන්දෙදි ගෙදර යවන්නේ නැද්ද කියලා. ඕක තමයි ඡන්දෙ දීපු අපිට වෙන්නේ උගත්කම් බලන්නේ නැතුව ඡන්දෙ දුන්නම....
වැය ශීර්ෂය දිනවන්නේ නැතිව කොහොමද නේද? පොහොට්ටුවේ හා ශ්‍රීලනිපයේ බුරුතු පිටින් රට සවාරි සහ උත්සවවලට යන්නේ නැතිව ඉන්නේ කොහොමද නේද? රටවල් නොමිලේම බලාගෙන සුපිරි හෝටල්වල සැපපහසු ලෙස ගතකරලා, වැඩක් නැතිව වුනත්, උත්සව වලට ගියාම නොවටිනා මුහුණු ටික ටීවී එකට ඔබාගෙන උජාරුවෙන් ඉන්න පුළුවන්නේ නේද? එතකොට උත්සව වියදම් ආදී තවත් බොහෝ දේ ලබන්නටත් පුළුවන්නේ. එහෙම නේද? මේවා නැතිකරගෙන කොහොමද නේද? ඒ නිසා රට හාමතේ තියලා හරි මොන උප්පරවැට්ටියක් හෝ කරලා වැය ශීර්ෂය දිනා ගැනීම කල යුතුමයි නේද?
රජයම කියනවා ජනාධිපති වැය ශීර්ෂය දිනවනවා කියල එහෙම කියද්දී මෙයා බයිලා කියනවා.
225 - 27 = ??? ඕක තමා ගණන.
ජනාධිපති වැය ශීර්ෂය කියන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළුව ජනාධිපති වරයා යටතේ තියෙන අනෙකුත් අමාත්‍යංශ වලට අයත් ගණන් හිලව් නෙවේද? එතකොට කොහොමද එකක් විතරක් වෙන් කරගෙන චන්දයක් දෙන්නේ? මේවා නිකන් රට්ටු හිනස්සවන විකට කතා.
ඒ කියන්නේ හොදි හොඳයි. මස් හොඳ නැහැ.