
(යොහාන් භාසුර)
රුපියල් කෝටි 29 කට අධික වටිනාකමින් යුත් නීතිවිරෝධීව ආනයනය කළ දුඹුරු සීනි කිලෝග්‍රෑම් 607,550 ක් (මෙට්‍රික්ටොන් 607) සඳහා ප්‍රධාන පෙළේ සමාගමකට ශ්‍රී ලංකා රේගුව පැනවූ රුපියල් කෝටි 19 ක දඩය දේශපාලන බලපෑම් හේතුවෙන් අයකරගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මුදල් අමාත්‍යංශයේ ඉල්ලීමකට අනුව අදාල දඩය කෝටි 16කට අඩු කිරීමෙන් පසුව දේශපාලන අධිකාරියේ ඉහළතම නිලධාරියෙක් එම දඩය පිළිබඳව සළකා බලන ලෙස රේගු දෙපාර්තමේන්තුවට නිල නොවන මට්ටමින් දැනුම්දීමෙන් දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව තිබේ.
ශ්‍රී ලංකා රේගු පශ්චාත් නිෂ්කාශන සහ විගණන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පසුගිය ජනවාරි මස අත්අඩංගුවට ගත් මෙම සීනි තොගය බහාලුම් 45 ක සුදු සීනි කිලෝ 50 බැගින් වන මිටි 270 බැගින් අසුරා ආනයනය කර තිබූ බවත් එම සීනි තොගයේ සම්පූර්ණ බර මෙට්‍රික්ටොන් 1,215 ක් බවත් රේගුව සඳහන් කරයි.
දඩය පැනවීමෙන් පසුව අදාල ආනයනකරු මුදල් අමාත්‍යංශයට යොමුකළ අභියාචනය ප්‍රතික්ෂේප කළ එම අමාත්‍යංශය දෙවැනි වර දඩය කෝටි 3ක් අඩු කරන ලෙස දැනුවත් කර ඇති බවත් නැවතත් ඉහළම දේශපාලන අධිකාරියේ ලේකම්වරයෙක් දඩය පිළිබඳව නැවත සළකා බලන ලෙස දැනුම් දී ඇති බවත් රේගු ආරංචි මාර්ග සදඟන් කරයි.
දඩය නියම වූ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාට සහ ඔහුට අයත් අනෙකුත් සමාගම්වලට මීට පෙර අවස්ථා 23 ක දී රේගු වැරදි සම්බන්ධයෙන් රුපියල් කෝටි 7කට අධික දඩ මුදලක් පනවා ඇති බව කියන රේගුව මෙහිදී නීතිවිරෝධීව ආනයනය කළ දුඹුරු සීනි සහ සුදු සීනි තොගය රේගු ආඥා පනතට අනුව රාජසන්තක කළ යුතු වුවද, රේගු පරීක්ෂණයේදී වරදේ ස්වභාවය, රජයට අහිමි වන ආදායම සහ ආනයනකරුගේ දුක්ගැනවිලි පිළිබඳව සළකා රුපියල් 189,293,778 අහිමි කිරීමට යටත් කර අයිතිකරු සීනි තොගය මුදා හළ බව ද සඳහන් කළේය.
දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීම සහ මෙරට විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ අරමුණින් ආනයන අපනයන පාලන පනතේ 2262/17 අංක දරන 11.01.2022 දිනැති ගැසට් පත්‍රය හරහා දුඹුරු සීනි ලංකාවට ආනයනය කිරීමට සීමා පනවා ඇති අතර ආනයනකරු සතුව රුපියල් මිලියන 189 ගෙවීමට මුදල් නොමැතිවීම හේතුවෙන් ආනයනකරුගේ ඉල්ලීම් මත රුපියල් මිලියන 190 බැංකු ඇපකරයක් තබා සීනි තොගය මුදාහැරි බවත් රේගුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකද්ද අනේ...! වෙනදා වගේ අපි කවුරුත් එක්ක ඕක ගෙවලා දාමු. මහ ලොකු ගාණකුත් නෙවෙයිනේ…!
ඔහොම යන්නකෝ අපේ අනුරයියා ඇවිල්ලා ඔය දඩේ සියයට සියයක් වැල් පොලියක් සමග අයකර ගන්නවා... බලන්න තමයි අපේ බලාපොරොත්තුව... එතෙක් ඉවසමු...
ඔක්කොම යාලුවන්... මාධ්‍යයට ෂෝ... එයා ගෙවයි බදු..
දඩේ ගෙවන්නේ නැති නම් නඩු දමන්න .දේශපාලකයාට බම්බු ගහගන්න කියන්න
හොර තක්කඩින්ගේ නම ගම ආගම වයසද දාතම සේරම ලියා ඇති හතරැස් කොලේම එලිකරන්නකෝ .වැඩේ කම්මුතුයි
බලු රාජපක්ෂ මුළු පවුලටම හෙණ හතම වැදියන් !!! පවුල් පිටින්ම මකබැවිලා පල !!!
2019 පොහොට්ටුව ජය ලැබීමෙන් පස්සේ දෙවැනි වතාවටත් සීනි වංචාවක් කරලා නේද කියන්නේ? එහෙම නම් පොහොට්ටු කියන්නේ සීනිවලට වහවැටුණු ඇඹලයින්ගේ සංවිධානයක් කියන්න පුළුවන්නේ... (ඇඹලයින් කියන්නේ මොන වගේ සතුන්ද කියලා ඔවුන් ගොඩාක් සිටින තැනක හිටගෙන චූටි වේලාවක් ඉඳලා බලන්න... එතකොට තේරුම් ගන්න පුළුවන් පොහොට්ටු පිරිසත් ඒ වගේමයි කියලා)
ලංකාවේ මහා පරිමාණ වංචා, දූෂණ නවත්වන්න බැරි ඒවා සඳහා මැදිහත්වෙන දේශපාලකයින් ප්‍රසිද්ධ නොකරන නිසා මේකෙදිත් කියන්නේ දේශපාලන මැදිහත් වීම නිසා දඩය අයකරගන්න අසීරුවෙලා කියලා මේ අයගේ නම්, ගම් එක්කම දැම්මා නම් ජනතාවට දැනගන්න පුළුවන් කාගේද කියලා... ඊට පස්සේ එයාලා ගැන ඡන්දෙදී ජනතාව බලාගනියි.
නම්ගම් එක්කම දැම්මා නම් තවත් හොඳයි නේද?
මේවා ලියද්දි මුන්ගේ නම්ගම් එළිකරන්න බැරිනම් බොරුවට මේවා දාන්න එපා. නම් ගම් දන්නා බැරි මේවා බොරු නිසාද? බය නිසාද? මොකක්ද ඒ මාද්‍ය සදාචාරය? නිවැරදි පුවත් බෙදාහරින්න බය වෙන්න ඕනෙද?