
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවේ බඩඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන් අතරේ සීඝ්‍රයෙන් පැතිර යන සේනා දළඹුවන් පිළිබඳව පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබා දීමට රුවන්ඩාවෙන් විද්‍යාඥයන් 06 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පැමිණි බවත් , ඔවුන්ට තම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් විසින් කටුනායක ගුවන් තොටුපළේ දී රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ පැවැත්වූ බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය.
මෙම රුවන්ඩා විද්‍යාඥයන් පිරිස සේනා දළඹුවන් වඩාත් පැතිර පවතින ප්‍රදේශ වෙත ගොස් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව සිටි බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
මෙම විද්‍යාඥයන් පිරිස පිළිබඳව පැවැත්වූ රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ අනුව ඔවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බවත්, ඒ අනුව මෙම පිරිස වහාම සේනා දළඹුවන් පිළිබඳව පරීක්ෂණ කිරීම සදහා නිදහස් කර පිටත් කර හැරිය බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම රුවන්ඩා ජාතික විද්‍යාඥයන් පිරිස සිය පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ශ්‍රී ලංකා රජය වෙත ලබා දීමෙන් පසුව අද ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේනා මර්දනය කරන්න පුළුවන්.. අළු භාවිතා කරලා..100% ප්‍රායෝගික වැඩක්. ඔයාලාගේ ගොවිපල සේනා දළඹුවාගෙන් බේරගන්න වගාවන්ට අඟුරු අළු භාවිතා කරලා බලන්න.
කෘෂිකර්ම අධ්‍යක්ෂකවත් ඇමතිවත් නොදැන කාගෙ වුවමනාවටද මේ රුවන්ඩා කණ්ඩායම ආවේ...? මේවා කාගේ හරි තනි කැමැත්තට වෙන දේවල්. එන පොට හොඳ නෑ...
විශාල ධනයක් වියදම් කරමින් පවත්වාගෙන යන කෘෂි විද්‍යා පීඨ, කෘෂි දෙපාර්තමේන්තු වහා වසා දැමිය යුතුය. මේවා ඵලක් නොවන බව මේවායේ නියුක්ත පිරිසට ත්‍රි රෝද රථ සහන මිලට ලබාදී ස්වයං රැකියාවල යෙදවිය හැක.
අනේ මන්දා මේයාලා ගෙන්වන එක පිටිපස්සේ කාට හරි හොඳ කොමිස් කුට්ටියක් ඇති. අර තිලක් කන්දවත්ත මහත්තයා ගෙන් ඇහුවා නම් ඕකට හරිම ප්‍රතිකාරය කියාවි
ඇයි මේ ලෝකයේ තවත් බලවත් රාජ්‍යයකින් උදව් ගන්න පටන් ගත්තේ දැන් "ස්වාසිලන්තය" එක්ක තිබුන මිතුදම ඉවරවෙලාද?
හොඳට තිබ්බ රටක්.. අපි වැටිච්ච තැනක්.. පහුගිය කාලේ මෙහෙම කිව්ව උන්දැලා දැන් මොනවද කියන්නේ දන්නේ නෑ..