(දයාසීලි ලියනගේ)
ආනයනික සීනි සඳහා කිලෝවකට ශත 25 ක බද්දක් අය කිරීම නිසා රජයට සිදු වූ පාඩුව පිළිබඳ වෝහාරික විගණනයක් කරන ලෙස ජාතික සමගි පෙරමුණ මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ වන විට රජයට බිලියන 15.9 ක පාඩුවක් විදිමට සිදුව ඇතැයි ගණන් බලා ඇති අතර සැබෑ පාඩුව ගනන් බැලීම සඳහා වෝහාරික විගණනයක් කරණ ලෙස ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා කීහ .
මීට අමතරව මෙම බදු අඩු කිරීමෙන් රජයට සිදු වූ පාඩුව පිළිබව පාර්ලගිමේන්තු විවාදයක් ඉල්ලා සිටින බවද හර්ෂ ද සිලිවා මහතා කීය.
ඊට පෙර මෙම බදු සංශෝදනය කරන ලෙසද රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීනි හොරා අල්ලපියෝ...!
එතකොට මේකද දැනට ලංකාවේ සිදුවුණු ලොකුම හොරකම...? 16 බිලියන... මහබැංකුව 02වැනි තැනට ආවානේ...
සෞභාග්‍යයේ දැක්ම.. වැඩ අල කරන විරුවාගේ වැඩ තමයි මේ...
යුද්දේ දිනෙව්ව රණවිරුවන්ට, සේනා නායකයින්ට ගරු කරන්න. ඒත් පට්ට හොරු, රට විනාශ කළ කම්බ හොරු, හොරුම මිසක් ජාතික වීරයන් නොවන වග මතක තබාගන්න...
"අන්දරේ සීනි කෑව හැටි තමයි කවුරුත් කියන්නේ. අපි සීනි කෑව හැටි කවුරුවත් කියන්නේ නෑ. අපි තමයි හොඳටම සීනි කෑවේ" කියලා සමහරු කියන්න පටන් අරගෙන කියන්නේ මොකද දන්නේ නෑ නේද?
අලිබබා සහ හොරු හතළිහ... දෙවැනි පරිච්ඡේදය..