(ඩයනා උදයංගනී)
සීනි කරිඤ්ඤං ඇල්ලීමට වසර 60, 70කට පෙර සකස් කළ නීති වර්තමානයේ දී සුරාව පාලනය කිරීම සඳහා ගැලපෙන්නේ නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
සුරාව පාලනය කිරීම සඳහා පවතින නීති යාවත්කාලීනවීම ප්‍රමාණවත් නොවන බැවින් නව නීති රාශියක් ගෙනඒමට සැලසුම් කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
වර්තමානයේ දී සුරා බදු නිලධාරීන්ට හැප්පෙන්නට සිදුව ඇත්තේ ඊසි කෑෂ්වලින් ගනුදෙනු කරන අය සමඟ බැවින් ඒවාට නීති අලුතෙන් ගෙනඒමට කටයුතු කළ යුතු යැයි ද සියඹලාපිටිය මහතා කීවේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් අවහන්හල් වෙත මෘදු මත්පැත් අවසර පත්‍ර ප්‍රදානය සඳහා සංචාරක අමාත්‍යාංශයේ දී අද (7) පැවැති උත්සවයකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd