(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
හබරණ ප්‍රදේශයේ අලි ඇතුන් 7 දෙනෙක් මියයෑමේ සිද්ධිය සම්බන්ධව රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය නීතිපතිවරයාට සති දෙකක කාලයක් ලබා දුන්නේය.
අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා විසින් සිදුකරන ලද ඉල්ලීමක් පිළිගැනීමෙන් පසුවය.
මෙම සිද්ධිය පිළිබඳ පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනුකළ රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.
මෙම රිට් පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා කියා සිටියේ රස පරීක්ෂක වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය බවය.එයට අධිකරණයෙන් අවසර ලබා දුන්නේය.
මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පාරිසරික යුක්ති කේන්ද්‍රය මෙම රිට් පෙත්සම ගොනු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලින් මරා යාගයක් කළ කතාවක් තමයි පැතිරිලා ගියේ. අයෙක් රජ වීමේ බලාපොරොත්තුවෙන්. මේ කරන දේවල් වලින් නම් වැඩක් නැති වෙයි. නමුත් කරගත් අකුසලය කළ කෙනා පසුපස ඇති. එපමණයි සාධාරණය...
රාජපක්ෂ ජුන්ටාස් වර්ක්ස්