IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සද්ධන්තයන්ගේ මරණ ගැන රස පරික්ෂක වාර්තාව කඩිනමින් ඉල්ලයි

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

හබරණ ප්‍රදේශයේ අලි ඇතුන් 7 දෙනෙක් මියයෑමේ සිද්ධිය සම්බන්ධව රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය නීතිපතිවරයාට සති දෙකක කාලයක් ලබා දුන්නේය.

අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා විසින් සිදුකරන ලද ඉල්ලීමක් පිළිගැනීමෙන් පසුවය.

මෙම සිද්ධිය පිළිබඳ පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනුකළ රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.

මෙම රිට් පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා කියා සිටියේ රස පරීක්ෂක වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය බවය.එයට අධිකරණයෙන් අවසර ලබා දුන්නේය.

මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පාරිසරික යුක්ති කේන්ද්‍රය මෙම රිට් පෙත්සම ගොනු කළේය. 



අදහස් (2)

සද්ධන්තයන්ගේ මරණ ගැන රස පරික්ෂක වාර්තාව කඩිනමින් ඉල්ලයි

කිරිපුතා Wednesday, 02 November 2022 06:02 PM

අලින් මරා යාගයක් කළ කතාවක් තමයි පැතිරිලා ගියේ. අයෙක් රජ වීමේ බලාපොරොත්තුවෙන්. මේ කරන දේවල් වලින් නම් වැඩක් නැති වෙයි. නමුත් කරගත් අකුසලය කළ කෙනා පසුපස ඇති. එපමණයි සාධාරණය...

:       0       5

Kumar (gulf) Thursday, 03 November 2022 12:22 AM

රාජපක්ෂ ජුන්ටාස් වර්ක්ස්

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site