(ළහිරු හර්ෂණ )

දෙහිවල සත්වෝද්‍යානය තුළ සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියා පිළිබඳ පරීක්ෂණයක් පවත්වා නිවාඩු ලබා සිටින අධ්‍යක්ෂ ජනරාල්වරියට රාජකාරි කටයුතු කරගෙන යාමට සුදුසු පරිසරයක් සකස් කර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා එහි සේවකයින් පිරිසක් සිදුකළ නිහඬ උද්ඝෝෂණයක් අද (27) දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට දී පැවැත්විණි.

සත්වෝද්‍යාන  දෙපාර්තමේන්තුවේ පාලනයට අවිධිමත් ලෙස බලපෑම් කරන පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්  ඔවුහු ඉල්ලා සිටියහ.

මීට සමගාමීව  පින්නවල අලි අනාථාගාරයේ හම්බන්තොට රිදියගම සෆාරී උද්‍යානය අසලද උද්ඝෝෂණ පැවැත්විණි.