( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සත්ත්ව ආහාර ලෙස ලේබල් කර ඉවත් කරනු ලැබූ කිරිපිටි කිලෝ ග්‍රෑම් 15,000 කට වැඩි ප්‍රමාණයක් ආනයනය කරන ලද කිරිපිටි ලෙස යලි පැකට් කර වෙළෙඳපලට යැවීමේ ජාවාරමක් අනාවරණය කරගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය.
පසුව එම කිරි පිටි පැකට් 2250 ක් ඇතුලුව කිලෝ ග්‍රෑම් 15,000 කට ආසන්න ප්‍රමාණය වේවැල්දෙණිය පැණිහෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධ් අංශ නිලධාරීන් හෙලිකරගත් තොරතුරු අනුව එහි අණ දෙන නිලධාරි එම්.ආර. ලතීෆ් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය කොළඹ කඳවුරේ නිලධාරී පිරිසක් ඊයේ 4 සවස වේවැල්දෙණිය පැණිහෙල ප්‍රදේශයේ කිරිපිටි ගබඩාව සහිත නිෂ්පාදනාගාරය වැටලීය.
අයර්ලන්තයේ නිෂ්පාදනය කළ බව සදහන් කිරි පිටි පැකට් 2250 ක් හා විශාල ඇසුරුමක තිබූ කිලෝ 14000 ක් පමණ ප්‍රමාණයක් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය. විශාල කිරිපිටි ඇසුරුමේ ඒවා සත්ත්ව ආහාර ලෙස ඉවත් කළ බවට සටහන් වන බවටද විශේෂ කාර්ය බලකාය සදහන් කළේය.
වේවැල්දෙනිය ප්‍රදේශයේ කාන්තාවකට අයත් මෙම ගොඩනැගිල්ලේ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් මෙම ජාවාරම කරගෙන යනු ලැබ ඇතැයි අනාවරණයවූ අතර කිරිපිටි පැකට් කිරීමේ යෙදී සිටි කොළඹ ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. නිවස හිමි කාන්තාව ණයකට හිලව්වක් වශයෙන් තම නිවස ඇතුලු ගොඩනැගිලි කොළඹ ව්‍යාපාරිකයා වෙත ලබා දී ඇති බවද හෙලිවී ඇති අතර ව්‍යාපාරිකයා ගෙනවිත් දෙන සත්ත්ව ආහාර සදහා වන කිරිපිටි මෙහිදී විදේශයෙන් ගෙන්වූ ඒවා ලෙස ඇසුරුම් කර යලි කොළඹට යවා ඇති බවද පරීක්ෂනයේදී හෙලිවී තිබේ.
අදාල කිරිපිටි තොගය හා සැකකරුවන් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වෙත බාරකරනු ලැබූ අතර එම කිරිපිටි තොගය, යන්ත්‍ර සූත්‍ර ඇතුලු ගබඩාව ඊයේ 4 රාත්‍රි මුද්‍රා තබනු ලැබීය. මෙම මස 7 වැනිදා සැකකරුවන්ට එරෙහිව තුල්හිරිය අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඇත්ත නම් අර චීනේ කරා වගේ මරන දඩුවම දෙන්න ඔන
මනුුස්සකම් කොහෙ ගිහිල්ලද?
අපේ රටේ එවුන්ට වැඩි ආයුෂ නැත්තේ එ්කයි.
මුදල් වෙනුවෙන් තමන්ගේම රටේ මිනිසුන්ට ජරාව කවන්න තරම් අපේ මිනිසුන් පහත් තත්වයට පත්වෙලා නොවේද?
ලංකාවේ අපේ හරක්ගෙන් (වරද්දගන්න එපා දියවන්නාවේ නෙමෙයි.., අඹේවෙල පැත්තේ සහ මොනරාගල පැත්තේ) හරක්ගෙන් හදන "අපේම කිරි, නොබී පිටරට ඒවා බොන" මෝඩයින්ට " ඕවම තමයි දෙන්නේ ඕන..
චීනා ලෝකෙටම වස කවනවා. එ්ක වෙනම කතාවක්... නමුත් මේ වගේ අසමජ්ජාති තකතිරු වැඩක් චීනෙදි කරලා අහුවුනොත් නිසැකයෙන්ම වෙඩි තියල මරණවා.
මෙවැනි ප්‍රශ්න විසඳිය යුතු හොඳම ක්‍රමය නම් හොයා ගත්තු සියලු තොග ඔය වෙළෙන්දා හා ඔහුගේ ලඟම නෑයින් හට, වැඩ කරන සේවකයින් ලවාම පානයක් ලෙස හා කෑමට මුසුකර පරිභෝජනයට සැලැස්වීමයි. එතකොට සේවකයිනුත් දන්නවා මේවගේ කාලකන්නි ළඟ වැඩට නොයායුතු බව.
මෙහි වෙළද නාමය පෙන්වීම ගැන ඔබට බොහොම ස්තුතියි. අද දහවල් 12.00 පුද්ගලික රූපවාහිනී නාලිකාවක ප්‍රචාරය වූ මෙම පුවතේ හොර කිරිපිටි පැකට්ටුවේ වෙළද නාමය මැකෙන සේ කොටු දමා තිබුණා. පුවත් ප්‍රචාරය කලයුත්තේ ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමටද? නැත්තම් වැදගත් තොරතුරු වසන්කර වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමටද?
jayath මයා වෙත, ඔබගේ අදහස් ඉතාමත්ම හාස්‍යජනක වුවත් ඔබ පවසා ඇත්තේ ඉතාම නිවැරදි දෙයකි. දියවන්නා ඔයේ ඉන්න 225 ක් වූ ගවයන් සියල්ලන්ම ලොම් හැලුණු ගවයන් බැවින් රටටත් වැඩක් නැති එම ගවයන්ටත් වැඩක් නැති තිරිසනුන් බවත් කිවයුතුයි...
මේක කරන කෙනා කුඩුකාරයෙක් කරන විනාශයට වඩා රටට විනාශයක් කරන්නේ... මේවා වෙළඳපොලට ගියාම මිලට ගන්නේ ගෙවල්වල ඉන්න දරුවන්ට දෙන්න. මේ අයට හෙනම ගහන්න ඕනෑ..
චීනේනම් වෙඩි තියලා මරන්නේ