IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සතියකදී කොළඹ ගස් 59 ක් කඩා වැටෙයි

(නිමල කොඩිතුවක්කු)

අධික සුළං තත්ත්වය හේතුවෙන් සතියක කාලයක් තුළ  කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ගස් කඩා වැටීම් 59 ක් වාර්තා වී ඇතැයි කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුවාය.

ඉන් ගස් කඩා වැටීමේ සිද්ධි දහනමයක්ම වාර්තා වී ඇත්තේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයෙන් බවත් ඇය සඳහන් කළාය.

අනෙකුත් ගස් කඩා වැටීම් බොහෝමයක් ප්‍රධාන මාර්ග ආශ්‍රිතව සිදුව ඇති බවත් නාගරික කොමසාරිස්වරිය පැවසුවාය.

කොළඹ නගර සභාව, ආරක්ෂක අංශවල සහය ඇතිව එම ගස් ඉවත් කිරීමේ කටයුතු සිදුකරගෙන යන බවත් ඇය සඳහන් කළාය.

කොළඹ ප්‍රදේශයේ කඩාවැටුණු ගස්වලින් බොහෝ සංඛ්‍යාවක් අවදානම් තත්ත්වය නොතිබූ ඒවා බවත් ජයවර්ධන මහත්මිය කීවාය.

එම ගස්වලින් බොහෝ සංඛ්‍යාවක් තද සුළං හේතුවෙන්  මුලින් ඉදිරී ගොස් කඩා වැටි අතර මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කර ඇති බවත් නාගරික කොමසාරිස්වරිය පැවසුවාය.

වසර 50 ත් 150 ත් අතර පැරණි ගස් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයේ තිබූ බවත් එම ගස්වල බොහෝ ප්‍රමාණයක කඳ දිරායාම හේතුවෙන් ගස් සියයට අධික සංඛ්‍යාවක් කපා ඉවත් කිරීමට පියවර ගත් බවත් ඇය සඳහන් කළාය.

 



අදහස් (1)

සතියකදී කොළඹ ගස් 59 ක් කඩා වැටෙයි

ගමේ එකාලා Sunday, 26 May 2024 04:59 PM

ඔය කියන විදියට ගස් කඩා වැටෙන එක අවදානම් නම් ඉක්මනින් පියවරක් ගන්න එක කාටත් හොන්දා?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site