(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නිවසේ තනිව සිටි 79 හැවිරිදි  එක් දරු මව දූෂණය කර,ගෙල සිරකර කන කපා පැළඳී රන් කරාබු දෙක කොල්ලකෑ බව කියන 67 හැවිරිදි  ප්‍රධාන සැකකරු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව දින 38 පසු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව කිරිඳිවැල පොලිසිය කියයි

සැකකරු කන කැපීමට යොදාගත් උල් පිහිය සහ එම අවස්ථාවේදී සැකකරු හැඳ සිටි බව කියන ඇඳුම් සැකකරුගේ ප්‍රකාශ මත ඔහුගේ සොහොයුරිය පදිංචි කිරිඳිවැල කිරිමැටියවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී  පොලිසිය මගින් සොයාගෙන ඇත

ඉකුත් 18 වෙනිදින  මෙලෙස ඝාතනයට ලක් වූයේ කිරිඳිවැල, හිස් වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ආර් ඩි තිලකා මාලනි ජයරත්න නමැති වයෝවෘද්ධ කාන්තාවය