(රෝෂන් තුෂාර)

සිංහල රාජ වංශයේ අවසන් රජුවු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජ මාලිගයේ පියගැටපෙලෙහි ඓතිහාසික "සදගල" පුරා වස්තුව සොරකම් කිරීමේ විමර්ශන කටයුතුවලට බාධා කළේ යැයි කියන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කළ යුතු හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ලට එරෙහි විමර්ශන යටගසා විමර්ශනවලට බාධා කිරීමට බලපෑම් කිරීම තුළින් දූෂණය නම් වරද සිදු කළේ යැයි චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත.