
(අංජුල මහික වීරරත්න)
සතුනට හිංසා කළ හොත් රුපියල් එක්ලක්ෂ විසිපන් දහසක දඩයක් සහ වසර තුනකට නොඅඩු සිරදඩුවමක් පැනවීම සඳහා වන පනතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ගොවිපලවල, නිවෙස්වල, කැලෑබද හෝ අයාලේ යන කුමන සතෙකුට වුවද කෲර වධ හිංසා පැමිණවීම මෙම සත්ව සුබසාධන වැඩපිළිවෙළ යටතේ වැළකෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
මෙරට සත්ව සුබසාධනය සඳහා දැනට ක්‍රියාත්මක වෙන්නේ 1907 සම්මත කර ගත් සත්ව හිංසා ආඥා පනත බවත් එම පනත යටතේ සත්ව හිංසාවන් සඳහා පැනවිය හැකි දඩය රුපියල් 100ක් බවත් කී අලුත්ගමගේ මහතා එම නිසා පනත සංශෝධනය කරන්නට පියවර ගත් බවද සඳහන් කළේය.
එම යෝජිත පනත ගැසට් කර පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නා බවද අලුත්ගමගේ මහතා කීය.
මෙම නව සත්ව සුබසාධන පනත අනුව කටයුතු කිරීමට පශු වෛද්‍ය නිලධාරියෙකු යටතේ වෙනම අංශයක් ස්ථාපිත කරන බවද අමාත්‍යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාසක අම්මලා පූස් පැටියෙක් පන්සලේ දාලා ගියොත් දඩය කීයද? අලි පැටියෙක් පන්සලේ දාලා ගියොත් දඩය කීයද?
එහෙනම් දැන් අපි ප්‍රවේසම් වෙන්න ඕන මෙයාලාට බනිනකොට එහෙම
මනුස්සයන්ට මේ දෙන වධය මදිද? සත්වයන්ට අනුකම්පා කරන්න මතක් වුනේ කරපු පව් සමා කර ගන්නද?
හොඳ වැඩක්,ජය වේවා
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ
බයවෙලාද කොහේද මින්ස්සු "සතුන්ට " හිසා කරන්න ගනීවි කියල ! දැන් ඉතින් ඔන්න රටේ ජාතික ප්‍රශ්නයක් විසඳුනා !! අපි නටමු -නටමු ගීත ගයාලා ල ල ලා ල ලා ල ලා ල ල ල ලලා
මෙයා ඇමතිකම රැක ගන්න එක එක දේවල් දොඩනවා. නමුත් කරපු දෙයක් නැහැ. ඊයේ ශෂින්ද්‍ර රාජපක්ෂ කියන්නේ කාබානික පොහොර එක පාරටම කරන්න බැරිලු. මෙයා තාම කියන්නේ ජනාධිපතිගේ කාබානික පොහොර ප්‍රතිපත්තියේ ඉන්නවලු. එකට තමයි කියන්නේ ඇමතිකම රැක ගන්නා මොනවා හරි දොඩනවා කියල.
පේනවා නේද එයාලගේ ආරක්ෂාව ගැන හිතලා විතරයි නීති සම්මත කර ගන්නේ.රටේ මිනිස්සු ගැන හිතන්නේ කවදද සර් ?
සර්,ඔබතුමා කෘෂිකර්මය නගා සිටුවන්න නේද කෘෂිකර්ම ඇමැතිකමට පත් කරලා ජනතාව පඩි ගෙවන්නේ.දැන් ඇමතිකම වෙනස් කරලද?
දේශපාලකයින් ආරක්ෂා කිරීමට නීතියක්
දැන් එතකොට ලංකාවේ සිදුවන සත්ව ඝාතන ගැන ගන්නා තීරණය කුමක්ද? මස් පිණිස කුකුළන්, ඌරන් වැනි සතුන් හදන අයට සහ මරණ අයටත් මේ දඬුවම බලපානවද? නැත්නම් මසට හදන මෙවැනි සතුන් ඔය නීතියෙන් ඉවත් කරනවද?
ඔයාට දමලා ඇරියොත් දඩය කීයද
සත්ව සුභසාධනය ප්රමාණවත්ය . ඔබට දැන් ශ්‍රී ලංකාවේ මානව සුබසාධනය ගැන සොයා බැලිය හැකිද?
ආස නැද්ද මස් මාංශවලින් තොර තාපසයෙක් වෙන්න...?
අහිංසක සත්තු ආරක්ෂා කරන එකනම් හොඳයි.
පිස්සු කෙලලා , කෙලලා හොඳ වැඩක් කරාමද කොහෙද?
අනේ අපි නම් ඔබතුමන්ලාට කිසි හිංසාවක් කරන්න හීනෙන්වත් හිතන්නේ නෑ.
බල්ලන්ට ගොයම් අමුවෙන් කනතැනට වැඩ කළොත් දඩය මොකක්ද? පිට රැටියන් පොහොසත් කර ගොවි පවුල් බඩගින්නට ඇදදැමූ අයට දෙන දඬුවම මොකක්ද?