
(ගයාන් සූරියආරච්චි,එච් එම් ධර්මපාල සහ කේ. බුද්ධික කුමාරසිරි )
දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32ක් සොරකම් කළ බව කියන සූපවේදියකු සොරාගත් පරෙවියන් 15දෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල, නැදිමාල ප්‍ර දේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි. දෙහිවල ජාතික සත්වෝද්‍යානයට ලබාදී තිබූ විදේශීය පරෙවියන් 32ක් ඉකුත් ඔක්තෝබර් මාසයේ සොරකම් කර තිබූ බව පොලිසිය පවසයි.
විදේශ රටක සිට නීති විරෝධීව එම පරවියන් මෙරටට රැගෙන එන අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය නියෝගයක් මත එම පරවියන් 32 දෙදෙනා රැකබලාගැනීම සදහා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට බාරදී තිබූ බව පොලිසිය කියයි.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පාලනාධිකාරිය විසින් කළ පැමිණිල්ලක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.එම සොරකම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර සැකකරුවන් තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරවියන්ට ලිපිනය දීලා එන්න කියන්න ඇතිද?