
ඉරානයට හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙයි. ඇමෙරිකාවේ සී.එන්.එන්. සහ සී.බී.එස්. පුවත් සේවා වාර්තා කර ඇත්තේ, මෙම සති අන්තයේ, ට්‍රම්ප්ගේ අණින්, ඇමෙරිකන් හමුදා ඉරානයට පහර දීමට බොහෝ දුරට ඉඩ ඇති බවය.
මේ වනවිටත් ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, ඇමෙරිකන් නාවික හමුදාවේ යුද නැව් මැදපෙරදිග කලාපයට යවා ඇත. මේ වනවිට මැදපෙරදිග කලාපයේ රඳවා ඇති ඇමෙරිකන් යුද නැව් ගණන 13 කි.
එම යුද නැව් අතරේ එක් ගුවන් යානා රැගෙන යා හැකි ප්‍රහාරක යුද නැවක් ද ඇත. විදෙස් දේශපාලන විශ්ලේෂකයන් ද බිය පළ කර ඇත්තේ, ට්‍රම්ප් ඉරානය සමඟ යුද්ධයකට සූදානම් වන බවටය.
‘ඉරානයේ ඉස්ලාමීය පාලනය වෙනස් කිරීමේ අදහස ට්‍රම්ප්ට තියෙනවා. හමුදාව යොදවා ඉරානයට පහර දීමට ට්‍රම්ප්ට අවශ්‍යයි. ඒත් ඔහු කල් මැරීමක් සිදු කරන බව පෙනෙනවා. ඉරානයට පහර දෙනවා ද නැද්ද ට්‍රම්ප් ජනාධිපතිවරයා කල්පනා කරනවා. ට්‍රම්ප් ඔහුගේ යුද උපදේශකයන්ගෙන් උපදෙස් ලබා ගන්නවා. මේ සති අන්තයේ දී ඔහු තීරණයක් ගනීවි’ යැයි විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ට්‍රම්ප් ඉරානයට පහර දීමට සැරැසෙද්දී පවා, ඇමෙරිකාව සහ ඉරානය අතරේ සාකච්ඡා පැවැත්වෙයි. ඒ, ඉරාන න්‍යෂ්ටික අර්බුදය සම්බන්ධයෙනි. ඇමෙරිකාව ඉරානයට පහර දීමට සූදානම් වන්නේ ද මෙම න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙනි.
පසුගිය දා ඇමෙරිකන් ඉරාන දෙවැනි වටයේ සාකච්ඡා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්විණි. තම නියෝජිතයන් එම සාකච්ඡා සඳහා සහභාගී වුවත්, තමන් ද වක්‍රව සාකච්ඡාවලට සම්බන්ධ වූ බව ට්‍රම්ප් පවසා ඇත. ඉරානය නියෝජනය කරමින් සාකච්ඡා සඳහා සහභාගී වූයේ ඉරාක විදේශ ඇමැති අබ්බාස් අරග්චිය.
අබ්බාස් අරග්චි මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ඇමෙරිකාව සමඟ පැවැත්වූ සාකච්ඡා අර්බුදය අවසන් කිරීමට හොඳ ප්‍රවේශයක් බවත් ඇමෙරිකාව, ඉරානයට බල කරමින් පනවා ඇති කොන්දේසි සියල්ලටම එකඟවීම කළ නොහැකි බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරාණයට ගැහුවොත් ලංකාව වැනි රටවල් වලට තමයි වැඩියෙන්ම බලපාන්නේ… ලංකාවේ ගොඩක් ඉන්න මැදපෙරදිග
මේ වීක්එන්ඩ් එකේ බෑ. සිරීපාදේ යන්න තියෙනවා.