
(නිමල කොඩිතුවක්කු)
ඊ. ටී. එෆ් සහ ඊ. පී. එෆ් අරමුදලට සීයට 25 ක අධිභාර බද්දක් පැනවිමට විරෝධය පළ කරමින් සමගි ජන බලවෙිගය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද(09) කොළඹ දී පැවැත්වීය.
කොළඹ කොටුව දුමිරියපොල සහ කොම්පඤ්ඤවීදිය දුමිරියපොල අසලදි පැවති මෙම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට සමගාමීව අත්පත්‍රිකා බෙදා හැරීමක් ද සිදු කරනු ලැබීය.
ඔබෙත් මගෙත් අයිතිය (ඊ. ටී. එෆ් සහ ඊ. පී. එෆ්) ආණ්ඩුව හොරා කයි යන තේමාවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණ.
සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක අබේසිංහ, මුජුබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
සමගි ජන බලවෙිගය සහ සමගි සේවක සංගමය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණ.
(ඡායාරූප ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත් පත්‍රිකා බෙදීමට වඩා සති අන්ත පුවත්පත්වලට ලිපියක් ලියන්න කෙනෙක් නැද්ද? එහෙම කළොත් රටේම ජනතාව දැනගන්නවා. එහෙමත් නැත්නම් කර්මාන්තශාලා අසලට ගොස් දැනුවත් කරන්න...
රජය 25% අධිභාරයක් අයකිරීමට සූදානම් වෙමින් පෙනී යන්නේ වියදම් පියවා ගැනීමට සල්ලි හොයා ගැනීමට නොමැති බව නොවේද? අහිංසක කම්කරුවන්ගේ පාරිතෝෂිකයට සහ විශ්‍රාමික සේවකයන්ගේ පාරිතෝෂිකය ගෙවීමට තිබෙන අරමුදල මත 25% අධිභාරයක් පැනවීමට තරම් මේ ආණ්ඩුව කෙතරම් බංකොලොත් වී ඇද්ද? ඔබතුමාලගෙ මේ විරෝධය අපි ඉතාම අගය කරන්නෙමු.
මෙහෙම වත් දෙයක් කරන එක ගැන සතුටුයි .මෙයාලා හුලන් ගිය බැලුම් ගානට ඉන්න නිසා තමයි ආණ්ඩුවේ කාලකන්නි විරුද්ධකාරයෝ නැහැ කියලා අමන වැඩ කරන්නේ