
(නිමල කොඩිතුවක්කු)
පොලීසිය ඇතුලු රාජ්‍ය යාන්ත්‍රණය යොදා වැළැක්වීමට ආණ්ඩුව ක්‍රියා කළත් කොළඹ හයිඩ් පිටියේ පැවිත්විමට නියමිත සමගි ජනබලවේගයේ විරෝධතාවය විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව හෙට (16) පස්වරුවේ පවත්වන බව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් හත්දෙනෙකු කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසූහ.
සමගි ජනබලවේගය කොළඹ හයිඩ් පිටියේදී පවත්වන විරෝධතාවය සම්බන්ධයෙන් එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ අද (15) මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව පැවසූහ.
සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු, මාධ්‍ය ප්‍රකාශකවරුන් වන එස්. එම් මරික්කාර්, මනූෂ නානායක්කාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දොස්තර රාජිත සේනාරත්න, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුනා යන මහත්වරුන් මෙම මාධ්‍ය හමුව සඳහා එක්ව සිටියහ.
ආණ්ඩුවේ මර්ධනයට සහ තර්ජනවලට බියවී සමගි ජනබලවේගය ජනතාව වෙනුවෙන් සංවිදානය කර ඇති විරෝධතාවය අත්හිටුවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඔව්හු සඳහන් කළහ.
ආණ්ඩුවේ වැඩපිලිවල හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවියන්, රාජ්‍ය සේවකයන් ඇතුලු රටේ සෑම ජනතාවටම ඒ සදහා එක්වන්නැයි ආරාධනා කර සිටින බවත් ඔව්හු එහිදී පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට අවශ්‍ය විරෝධතාවයට වැඩිය කොරෝනා පතුරවලා රට අස්ථාවර කරන්න .මේ සමගි බලවේගය නෙමෙයි කුරුම්බා බලවේගයක්
හයිඩ්පාර්ක් පිටිය කිවූ පමණින් අපගේ මතකය දිවයන්නේ උගත් බුද්ධිමත් "ගොනානොගේ " තාත්ත දියවනාව පට්ටියේ ලොක්කා වී සිටි අවදියේ ලලිත් ඇතුලත්මුදලි මහත්මයා ප්‍රමුක පිරිස නව පක්ෂයක් ( රාජ අලියා) පිහිටවා පළමු රැස්වීම පැවැත්වීමට නියමිතව තිබු මෙම පිටියට ඊට පෙර දින රාත්‍රී "ප්‍රේමදාසගේ" වම සහ දකුණු අත් වන පින්වත් අහිංසකයන් දෙදෙනෙක් වන මාළු නිහාල් ,සොත්ති උපාලි විසින් පල්දෝරු බව්සරයක් (ගලී බව්සරයක්) මුළු හයිඩ්පාර්ක් පිටියටම විසුරුවා හැර එම මංගල රැලිය කඩාකප්පල් කල විදිය. "මෙම අවලන් වැදගත්" වැඩ පිලිබදව රටේ පුරවැසියන් 99.99% නොදන්නෝය. මක්නිසාදයත් වැඩිපිරිසක් අද ඊයේ ඉපදුනු කිරි දරුවන් බැවිනි. පුතානෝද තාත්තාගේ ඒ නිවට වීර ක්‍රියාව නොදන්නවා ඇති. මොකද ඔහු තාමත් ළදරුවෙක් බැවිනි.
සජබ නමැති පැණි වරකා ගෙඩිය... "පෙනුමෙන්" ඉදිලා සුවඳයි සැමතැනම... "බලයටම" රොද බැදී නිල මැස්සන්ට... ප්‍රතිඵලය දරුණුය පුරවාගත් පව්වලට...
රවින්ද්‍ර කියන්නේ වහලෙක් වෙන්ඩැ. ඔහුට මතක නැතුව ඇති වත්මන් ආණ්ඩුවේ ඉන්න අය රැස්වීම් කඩාකප්පල් කරන්ඩ කරපු දේවල්? මිනිමරාගත්තු හැටි ,කරපු දුෂන ? බල තණ්හාවෙන් පිස්සු වැටිලා කරපු හරිය. පාස්කු ප්‍රහාරයට යටින් ඉදන් ගේම දුන්නෙ කවුද කියලා දැන් මුලු ලෝකෙම දන්නවා. දැන් සැපද ?
සමගි පොකුරක් දෙසැම්බරයේ හදමු.