(නිමල කොඩිතුවක්කු)
රජය ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළ, ජනතා විරෝධතා වැළැක්වීමට පියවර ගැනීම, මාධ්‍ය ආයතන වලට තර්ජනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ජනතා ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙනු මැයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය අබියසදී අද(09) පස්වරුවේ විරෝධතාවක නිරත වූහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවය සදහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.
"ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු, ස්වාධීන කොමිෂන් සභා යළි ස්ථාපිත කරනු, මාධ්‍ය මර්දනය හෙළා දකිමු, සිවිල් අයිතීන් සුරැකීමු, උද්ඝෝෂණ වලට ආණ්ඩුව බය ද"ආදී විරෝධතා පුවරු එහිදී ප්‍රදර්ශනය කර තිබිණ.
විරෝධතාවය සඳහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාවෙමින්යනවා මනෝ ගනේෂන්, හර්ෂ ද සිල්වා, අශෝක් අබේසිංහ, ගයන්ත කරුණාතිලක, නලීන් බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න, මුජුබර් රහුමාන්, හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සජබ විරෝධතාවක් නිදහස්චතුරඝ්‍රයේදී