(සුරංග රාජනායක)
නාවලපිටිය නගරයේ විරෝධතාවක නිරත වී පොලිස් අත්අඩංගුවට පත්වූ සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව මහතා ඇතුළු පහළොස් දෙනා නාවලපිටිය ඇපමත මුදාහරින්නැයි මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා නියෝග කළේය.
එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරිමින් මහෙස්ත්‍රාත්වරයා නියම කරනු ලැබුවේ මොවුන් යළි දෙසැම්බර් මස 13 දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් නාවලපිටිය නගරයේ පැවති අතර ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් සහභාගී වීමට එරෙහිව මෙම විරෝධතාව නාවලපිටිය නගරයේ දී පැවැත්විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම රැස්වීම හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංවිධානය කර තිබූ අතර මෙයට විරෝධය දක්වා බොහෝ ගම්මාන වල තණකොළ හා පුන්නක්කුද තබා රට විනාශ කළ අයගේ රැස්වීම ට යන අයට ඒවා කන ලෙස දැන්වීම් පුවරුද සවිකර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජබ නාවලපිටි සංවිධායක ඇතුළු 15 දෙනා මුදාහරියි
ලසන්ත Monday, 17 October 2022 08:40 AM
සුරංග රාජනායක මහත්තයෝ නාවලපිටිය ඇපමත මුදාහරිනවා කියන්නෙ මොකක්ද
sharm warn Monday, 17 October 2022 08:53 AM
පොලිස් ගොයියා අස්... විනිසුරුවන්ගෙන් හොඳවායින් දෙකක් අහගෙන සද්දේ වහලා එළියට එන්න ඇති. තණකොළ පුන්නක්කු තියපු ජනතාවට අපේ ඉමහත් ගෞරවය... ඔබ ලැබූ අවබෝධයට අපි ගරු කරනවා... ඒ වගේම හොරුන්ගේ පුරාජේරු බයිලා අහන්න යන ගෙවල්වල උදවියට දවස ගානේ කියලා දෙන්න අපි මොන තරම් දුක්ඛිත තැනකට අද ඉන්නේ කියලා...
පිටිගල මිලානෝ Monday, 17 October 2022 11:23 AM
තණකොල සහ පුන්නක්කු අතරේ නාකි මයිනාටත් කුනු විච්ච පළතුරු කෑල්ලක් වත් තියන්න තරම් කාරුණික නොවුනේ ඇයි….?
fairoos Monday, 17 October 2022 12:17 PM
පොහොට්ටුවේ රැලියට ගිය අයටනම් සොභාදහමින් පඩිසම් ලැබේවි.