(සුරංග රාජනායක)
නාවලපිටිය නගරයේ විරෝධතාවක නිරත වී පොලිස් අත්අඩංගුවට පත්වූ සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව මහතා ඇතුළු පහළොස් දෙනා නාවලපිටිය ඇපමත මුදාහරින්නැයි මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා නියෝග කළේය.
එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරිමින් මහෙස්ත්‍රාත්වරයා නියම කරනු ලැබුවේ මොවුන් යළි දෙසැම්බර් මස 13 දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් නාවලපිටිය නගරයේ පැවති අතර ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් සහභාගී වීමට එරෙහිව මෙම විරෝධතාව නාවලපිටිය නගරයේ දී පැවැත්විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම රැස්වීම හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංවිධානය කර තිබූ අතර මෙයට විරෝධය දක්වා බොහෝ ගම්මාන වල තණකොළ හා පුන්නක්කුද තබා රට විනාශ කළ අයගේ රැස්වීම ට යන අයට ඒවා කන ලෙස දැන්වීම් පුවරුද සවිකර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරංග රාජනායක මහත්තයෝ නාවලපිටිය ඇපමත මුදාහරිනවා කියන්නෙ මොකක්ද
පොලිස් ගොයියා අස්... විනිසුරුවන්ගෙන් හොඳවායින් දෙකක් අහගෙන සද්දේ වහලා එළියට එන්න ඇති. තණකොළ පුන්නක්කු තියපු ජනතාවට අපේ ඉමහත් ගෞරවය... ඔබ ලැබූ අවබෝධයට අපි ගරු කරනවා... ඒ වගේම හොරුන්ගේ පුරාජේරු බයිලා අහන්න යන ගෙවල්වල උදවියට දවස ගානේ කියලා දෙන්න අපි මොන තරම් දුක්ඛිත තැනකට අද ඉන්නේ කියලා...
තණකොල සහ පුන්නක්කු අතරේ නාකි මයිනාටත් කුනු විච්ච පළතුරු කෑල්ලක් වත් තියන්න තරම් කාරුණික නොවුනේ ඇයි….?
පොහොට්ටුවේ රැලියට ගිය අයටනම් සොභාදහමින් පඩිසම් ලැබේවි.