
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සමගි ජන බලවේගය හෙට අනිද්දා ලොකු උද්ඝෝෂණයක් කරන්න හදනවා.ඇයි මේ උද්ඝෝෂණය කරන්න හදන්නේ රටක් දියුණු කරන්න ද ? රටේ ජනතාවට සෙත සලසන්න ද ? නැහැ රෝගය ව්‍යාප්ත කරලා නැවත වතාවක් මේ රට අගාධයට පත් කරන්න .ඒකට අපි පොලිසිය වශයෙන් ඉඩ දෙන්නේ නැහැ .
අධිකරණයෙන් හෙට ලබා දෙන නියෝගය අනුව ,පොලිසිය කටයුතු කරනවා. කවුරු මොන තරාතිරමේ හිටියත් ,කවුරු කටමැත දෙඩෙව්වත්,ඔවුන්ට විරුද්ධව නීති නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා යැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.
විපක්ෂයේ කාර්යභාරය විය යුත්තේ අපි සමග එකතු වෙලා .මේ වසංගතය පැරදවීම මිසක් ,වසංගතය සමඟ එකතු වෙලා රජය පැරදවීම නොවෙයි
කවුරු කෙසේ කීවත් පොලිසියේ බාර ඇමතිවරයා හැටියට. මම ඒකට ඉඩ දෙන්නේ නැහැ . අධිකරණ නියෝගයක් ආවොත් අනිවාර්යෙන්ම ඒ නීති විරෝධී ජනරාශි ජන රැලි නීති විරෝධී උද්ඝෝෂණ අපි අනිවාර්යෙන්ම නවත්තනවා .නවත්තලා ඒක කරන්න මූලික වන අයට අපි නඩු දානවා
පොලිසිය කරන්නේ නීතිය හා සාමය රකින එක .පොලිසියට යම් නියෝගයක් දීලා තියෙනවා නම් ඒ නියෝගය පිළිපදිනවා .
සෞඛ්‍ය බලධාරීන් තමයි අධිකරණයට ගිහින් තියෙන්නෙ .මේ වගේ උද්ඝෝෂණවලින් ජන රැළිවලින් මේ රෝගය ව්‍යාප්ත වෙන්න පුළුවන් ,තවත් රැල්ලක් ඇති වන්න පුළුවන් ,එතකොට රටේ ජනතාවට මොකද වෙන්නේ ,එතකොට ස්වයං රැකියා කරන අයට කර්මාන්ත ශාලා පවත්වාගෙන අයට මොකද වෙන්නේ පසුගිය අවුරුද්දේ හිටිය වගේ ඉන්න වෙනවා .රටකට මොකද වෙන්නේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට කන්න නැතිව මැරෙන්න යනවා. විපක්ෂයක් ආණ්ඩුවට බලකරලා ජනතාවට සහනයක් ලබාදෙන්න කරන අරගල ඔබතුමා, ඔබගේ බලය පාවිච්චි කරලා නවත්තන්න හදනවා නම් ප්‍රතිඵල ලැබෙයි ඔබලාට ළඟදිම...
මෙයා දැන් ජිනීවා යන්නේ නැත්තේ ප්‍රශ්නේ විසඳිලද? ඇත්තටම මෙයා ඉස්සර ජිනීවා යනවා කියලා ගිහිල්ලා මොනවද කළේ..?
මඤඤං කරන එකේ සීමාවක් නැහැනේ....
ඔහොම යමංකෝ, ඊළඟ ඡන්දෙදී බලාගන්න පුළුවන් මේ අය මඤ්ඤං වෙන හැටි...
සජබත් එකයි. ආණ්ඩුවත් එකයි. අවුරුදු 73 ක් තිස්සෙම කරල තියෙන්නෙ බලය මාරුවෙන් මාරුවට අරගෙන ජනතාවට කොකා පෙන්වීමයි.
ගෙදර හිටියොත් ප්‍රශ්ණ ගොඩකට මැදිවෙලා ජිවත් වෙන්න විදිහක් නැතිව මැරෙනවා.
වියරුවෙන් දොඩවන අය පේනවා නේද.?
හොඳයි, කරලා බලමුකෝ.
ඕගොල්ලෝ දෙගොල්ලොම එක වල්ලේ පොල්.
මහජන විරෝධය ජනතාව පාරට බැස්සොත් මැඩ පවත්වන්නට දුශකයන්ට බැරි වෙයි
අන්න බොරතෙල් නොමැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව වහලා. ඉතිහාසයේ ප්‍රථම වතාවලු මෙහම වහල දාලා තියෙන්නේ... දැන්වත් කයිවාරුව නවත්තලා මේ ගැන බලන්න. මොනතරම් වියත්මග, අර මේජර් ජනරාල්, මේ මේජර් ජනරාල් ඉඳලත් වැඩක් නැහැ. සේරම අසාර්ථකයි. ෆේල්...