IMG-LOGO

සජබ අපෙක්ෂකයා ලංවිම සේවකයාට පාට් දමලා

විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්දි කිරිමට නිවසට පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට සාපරාදි බලහත්කාරය පෑමක් සිදුකල සමගි ජන බලවේගයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට නම් දුන් අපෙක්ෂකයකු අත්අඩංගුවටගත් බව හක්මන පොලිසිය පවසයි.

අත්අඩංගුවටපත් සැකකරුගේ නිවසෙහි විදුලි බිල නොගෙවිම නිසා රුපියල් තිස්දහසකට වැඩි හිග මුදලක් තිබිම හේතුවෙන් විදුලිය විසන්දි කිරිමට නිවසට පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයින් බිය වැද්දීම සිදුකොට සාපරාදි බලහත්කාරය පෑමක් සම්බන්ධයෙන් විදුලි බලමණ්ඩලයේ සේවකයකු සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවටගත් සැකකරු මෙවර පළාත්පාලන මැතිවරණයට හක්මන ප්‍රාදේශිය සභාවට සමගි බලවේගයෙන් තරග කරන අපේක්ෂකයකු වන බව ද අනාවරනය වන බව පොලිසීය සදහන් කරයි.

අත්අඩංගුවටගත් හක්මන මුරුතාමුරය ප්‍රදේශයේ පදිංචි සැකකරු අද දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසය පවසයි.

 



අදහස් (1)

සජබ අපෙක්ෂකයා ලංවිම සේවකයාට පාට් දමලා

චින්තක - ජා ඇල Tuesday, 21 February 2023 08:23 PM

කොහොමද හයිය? තව සජියලා බලයට පත්වුණොත් කොහොම තියේවිද? "මාගේ පියාණන් ගිය අඩි පාරේ යනවා" කියලා මිනිහා නිතරම කියනවනේ. ලොක්කා හොර සල්ලි ගහලා නිධන් කැඩුවා නම්, පොඩ්ඩෝ ගැන මොන කතාද? ඇයි ඔය බොරු චණ්ඩියාට කන පැලෙන්න ගැහැව්වේ නැත්තේ? අපේ පැත්තේ නම් දැන් මිනිස්සු බලාගෙන ඉන්නේ. ජාතික ජන බලවේගයට ජයවේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site