(ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් බාරයට පත්කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ‘එම්’ සිරවාට්ටුවට ඇතුළත් කර ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ආ අවස්ථාවේ දී සැකකාර හිටපු මන්ත්රීවරයා පපුවේ ආබාධයක් ඇති බවට හෙළි කිරිමෙන් ඒ මොහොතේම රෝහල්ගත කර ඇති අතර, අද (28) යළිත් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන විත් ඇතැයි එහි ප්රකාශකයකු පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා රිමාන්ඩ් බාරයට පත්කර සිටි අවස්ථාවේ දී රඳවා සිටියේ ද මෙම ‘එම්’ සිර වාට්ටුවේ බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
M වාට්ටුවේනේ ඉන්නේ... මැදමුලනේ උදවියම පහුවෙනකොට මෙයා නිදහස් කරාවි...
M වාට්ටුව කියන්නේ මාරයාගේ වාට්ටුව. එහෙම ඒ කාලයේ මෙයා හිටියේ ජනාධිපතිටත් ඉහළින්. ඩුබායිවල ට්රයිකෝ එකේ මුට්ට කරගැසූ මොහු මෙපමණ පොහොසත් වූයේ තනිවම නොවේ. රට කළ අනෙක් අයටත් ඇතිතරම් මහජනයාගේ බදුමුදල් අසාධාරණ අයුරින් උපයා දීමෙනි. කෙසේවෙතත් ඉස්සර ගජමිතුරා වුණත් දැන්දැන් වත්මන් රජයත් සමග ප්රශ්න ගොඩකට මැදිවී සිටින මොහුගෙන් යම්කිසි ප්රකාශයක් පිටවුණොත් ඉහළම මට්ටමේ සිටින සෑහෙන ගණනකට චෝදනා එල්ල වන්න පුළුවනි. ඒ නිසා වැඩේ ප්රශ්නයක් නැතිවම.., සාක්ෂි නැතිවම අවසන් කරන්න හැකි හොඳම ක්රමය මාරයාගේ වාට්ටුවට දැමීමයි. මාරයාට වැඩේ බාරදීමයි.
ඡන්දෙට කලින් සමහර දේශපාලකයන් සල්ලි පිටරටවල හංගලා තියෙන ඒවා ඔක්කොම දන්නවා කියපු ගමන් මම හිතුවා මෙයාට මෙහෙම වෙයි කියලා. ඇත්තටම මෙයාගේ උදව්වෙන් ඒ සල්ලි හංගපු තැන් වලින් අරගන්නයි තියෙන්නේ. අඩුම ගානේ සුනාමි සල්ලි ටිකවත්....
අර කතාවක් තියෙනවා දෙවිවරු පය තියන්න බය තැන්වල මෝඩයෝ පිනුම් ගහනවා කියලා. මෙයත් එහෙම කෙනෙක්. මෙයා මහින්දගේ කාලේ හිටපු ලොකුම කෙරුමා. ඒ වගේම මොහු විසින් කරපු අපරාධ අනන්ත අප්රමාණයි. මෙයා කොහොමද අවුරුදු 5 ක් තුල ප්රකෝටිපතියෙක් උනේ කියලා හොයන්න. මේ සේරම එක වැල්ලේ පොල් ...දෙගොල්ලම එකයි ..