
(අංජුල මහික වීරරත්න)
උදේට ජනාධිපතිට විරුද්ධව "පොර ටෝක්"දෙන සජිත් රෑට හොරෙන් ජනාධිපතිට කතා කර විපක්ෂනායක කම රැක දෙන්නයි ඉල්ලමින් හඬා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතාගේ දැන් බලාපොරොත්තුව මේ අවුරුද්දේ දෙකේ විපක්ෂ නායක කම රැකගෙන සිට ඉන් පසුව යාලට ගොස් අලි බලමින් විවේක සුවයෙන් සිටීම බව ද රංගේ බණ්ඩාර මහතා කීය .
සමගි ජන බලවේගයේ දැනුම් තේරුම් තිබෙන සියලු දෙනා ගතින් මේ වනතුරුත් සජිත් සමග සිටියත් සිතින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ බවද තව නොබෝ දිනකින් හොඳ හොඳ රංගන දැක ගැනීමට ලැබෙන බව ද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හායි... රංගේ හීනෙන්ද කතා කරන්නේ...?
සජිත් ප්‍රේමදාස කෙටි මාර්ග සොයන්න ගිහින් යාල කැලේ අතරමං වෙලා!
මේ වගේ අයව නම් ආපහු පාර්ලිමේන්තු යවන්න එපා..
මෙයා එද්දී ඒ වෙලාවේ. මාර ටෝක්...!
ඒ කියන්නේ රනිල් සජිත් එක්ක රෑට කතා කරනවා නේද? හ ..හා .....
මේ අය පිල් මාරු කරන කොට හම්බු වෙන මුදල් වලට ඇයි බදු ගහන්නේ නැත්තේ? බදු ගෙවන්ට් ඕනේ රටේ දුප්පත් මිනිස්සු විතරද?
ඉදිරි මහා මැතිවරණයට මේ රංගේ ඉදිරිපත් උනොත් ගිය පාර වගේම මේ පාරත් ස්ථිර වශයෙන්ම පරදිනවා. මොන සෙල්ලම් දැම්මත් ස්ථිර වශයෙන්ම පරදිනවා. එකම විසදුම ජාතික ලැයිස්තුව පමණයි
පුත්තලම් බුරුවො හිටියට මෙ වගෙ මීහරක් මෙ රටට එපා..පර්ලිමෙන්ත්වටත් එපා. ජාතික ලඉස්තුවෙන් පත් උන එකම එක මන්ත්‍රෙවරයෙක් සහ 135 දෙනෙක්ගෙ චන්දෙන් පත් උන ජනාධිපති කෙනෙක්ගෙ පක්ශෙකට යන්න සජිත්ට පිස්සු නෑ. මෙ වගෙ ගොන් ටෝක් හොඳයි මෙ වගෙම බුරුවන්ට.
උබලාගේ ඕපා දූප වලින් අපිට වැඩක් නෑ මිනිහෝ. පුත්තලමේ මිනිස්සුන්ට බොන්න වතුර නෑ. දුක් විදිනවා. ගිහින් ඒවා බලාපම්.
වොඩ්ක විනාඩි කිහිපයක් තුල වතුර කරන්නෙ කෙමිකල් එකක දමලද? එහෙම නැතිනම් හාස්කමෙන්ද?
අනේ රංගෙ ඔය මාද්‍යයට ඇවිල්ල ගහන කෙප්ප බොරු පිලිගන්න මෙ රටෙ ජනතව මැරිල ඉපඩිල නැහැ නන්නත්තාර වෙලා ඉන්න ඔයාලට මඩ ගැසීම හැර වෙන දෙයක් ඉතුරුවෙලා නෑ.
රටේ ඕනෑ තරම් ප්‍රශ්න තියෙනවා. මේ මිනිතහා ඇවිල්ලා වැඩකට නැති ඒවා කියවනවා. පුත්තලම් බූරුවන්ටත් අවමානයක් මේ මිනිහා.
අපි වොඩ්කා එකක් බොමුද කපටි රංගේ...
රනිල් වටා ගැවසෙන්නේ පොහොට්ටුවේ හොරු සහ යූඑන්පී හොරු රැළ පමණයි. මුන් දෙගොල්ලන්ටම දැන් යන එන මන් නැතිව කටමැත දොඩවනවා.
අපිට මතකයි සජිත් ගොයියා කිව්වා මිනිස්සු සතුටින් ඉන්නවාද කියා බලන්න රෑට පොඩි රස්තියාදුවක් දාලා බලනවා කියලා. ඒ රස්තියාදු වෙන ගමන් වෙන්න ඇති ඔය කතා කොරන්නේ මිනිස්සුන්ගේ සතුට ගැන කියන්න.