(ඩයනා උදයංගනී)

මෙම වසරේ අගෝස්තු 31 වැනිදා වන විට මෙරටට සංචාරකයන් 4,96,430 දෙනෙක් පැමිණ ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එය පසුගිය වසරට සාපේක්‍ෂව යම් ප්‍රගතියක් බවත්, එම සංචාරකයන්ගෙන් රටට ඇමෙරිකානු ඩොලර් මිලියන 893ක ආදායමක් ලැබී ඇති බවත්, රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරටට 2018 දී අපේ සංචාරක පැමිණීම 23,33,769ක් පැමිණ ඇති අතර, ඔවුන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3,925 ක ආදායමක් උපයා ඇති බවත්, 2019 දී සංචාරකයන් 19,13,702 ක් පැමිණ ඇති අතර, ඔවුන්ගෙන් ඩොලර් මිලියන 4,381 ක ආදායමක් උපයා ඇති බවත් කී ඇමතිවරයා 2020 දී සංචාරක පැමිණීම 5,70,704ක් හා ආදායම ඩොලර් මිලියන 3,607ක් දක්වාත්, 2021දී සංචාරකයන් 1,94,495 දක්වා සහ ආදායම ඩොලර් මිලියන 682ක් දක්වාත් පහළ ගොස් ඇතැයි ද කීවේය.