(ඩයනා උදයංගනී)

සංචාරක නවාතැන් පහසුකම් සපයන ස්ථානවල විදුලි බිල්පත් ගෙවීම සඳහා තවත් වසර දෙකක සහන කාලයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

කොවිඩ් 19 වසංගතයෙන් බලපෑමට ලක්වූ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමේ අරමුණින් සංචාරක නවාතැන් පහසුකම් සපයන්නන් වෙත විදුලි බිල්පත් ගෙවීම සඳහා ඉකුත් පෙබරවාරි 28 වැනිදා දක්වා සහන කාලයක් ලබාදී තිබිණි.

ඉකුත් අප්‍රේල් මාසයේදී යළිත් කොවිඩ් වසංගතය ව්‍යාප්ත වූ නිසා සංචාරක ක්‍ෂේත්‍රයේ අපේක්‍ෂිත වර්ධනයක් නොවූ බැවින් ඉකුත් මාර්තු මස සිට 1 වැනිදා සිට වලංගු වන පරිදි තවත් වසර දෙකකට මෙම සහනය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව තිබේ.