(රංජිත් රාජපක්ෂ)
දින 28ක් වයසැති සිඟිති දියණියක් පණ පිටින් ගෙවත්තේ වළ දැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ මව සැක පිට අද (03) අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසිය පවසයි.
සැකකාර මව හැටන් පොලිස් වසමට අයත් යුනිෆිල්ඩ් වතුයායේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවන්නීය.
ඇය ඊයේ (02) දියණිය නිදි කරවා පසුව ගෙවත්තේ කසල බැහැර කිරීමට කපා තිබූ වළකට දමා පස් වලින් වළ වසා දමා ඇතැයි පොලීසය පවසයි.
සිඟිති දියණිය නොමැති බව දැක සැකකාරියගේ මව සහ ඥාතීන් සොයා බලන අවස්ථාවේ තමා දියණිය ගෙවත්තේ වළ දැමු බව පවසා ඇතැයි පොලීසය පවසයි.
අනතුරුව ඥාතීන් එක්ව බිළිදිය ගොඩ ගෙන ඇති අතර ඇයට මව් කිරි දෙමින් සිටියදී ඇය මිය ගොස් ඇතැයි පොලීසය සඳහන් කරයි.
තම සැමියා සමඟ පවතින ආරවුලක් හේතුවෙන් දියණියව මෙසේ වැළලූ බව සැකකාරිය පොලිසියට පවසා තිබේ.
ඝාතනයට අනුබල දීම සහ සිද්ධිය වසන් කිරීම සම්බන්ධයෙන් සැකකාර කාන්තාවගේ මව ද හැටන් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට මොනවා කියන්නද දන්නේ නැහැ. ලෝකයේ උතුම්ම වචනය වන අම්මා තමන්ගේ දරුවාගේ කටින් අහන්න නොලබන එක මොනතරම් පව්කාර කමක්ද?
ආදරයේ උල්පත් වූ අම්ම..??තුරුලේ හංගාගෙන " මා " ඔබ තෙමුනා අම්මේ..?? කළා වැවේ නිල් දියවර අපේ අම්මා..?? සුරලොව සිට අත පා එකදුලැලි පිසිනා..?? මිහිමඩලේ අදුරු කුසේ දිය උල්පත අම්මා ..??? මගේ අම්ම මට ජිවන සුවය සදනවා..??? අප සියල්ලෝටම ඉන්නේ එකම අම්මාය .ඉහතින් සදහන් කල රත්තරන් අම්මා ගැන ලියු ඒ සුන්දර ගීතයන් මේ කතා වස්තුවේ එන අම්මට කොයිතරම් ගැලපේද ??අනේ පව් ඒ රත්තරන් දු පැටියා....ඇයට නිවන් සුව අත්වේවා!!!!
වර්තමානයේ දරුවන් නොමැතිව සිටින පිරිස ඉතාම විශාලයි. දරුවන් හදාවඩා ගැනීමට ඉල්ලීම් එන්න එන්නම වැඩිවෙනවා. ජ්‍යෙතිෂය අනුව නම් මෙහෙම වෙන්නේ පෙර ආත්මවල දරුවන් පමණක් නොව සත්ව පැටවුනුත් මැරූ අයට කියලයි කියන්නේ. මෙම කාන්තාව නඩුවෙන් දිනුවත් ස්වභාව ධර්මයෙන් දඬුවම් ලබාවි.