(අංජුල මහික වීරරත්න)
මැද්දේකැටිය, ගොකරැල්ල, සංගමු රජමහා විහාරාධිපති උදම්මිමට විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය අලුත්ගම මංගල හිමියෝ නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් සිය විහාරස්ථානයට අයත් අක්කර 20ක ඉඩමක් ලබා දුන්හ.
ඊට අදාල ලිපි ලේඛන මංගල හිමියෝ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත බාර දුන්හ.
මීට අමතරව වයඹ පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් වයඹ පළාත් සමුපකාර සමිති, සංගම් සහ සාමාජිකයන් එක්ව දුන් රුපියල් ලක්ෂ 100ක මුල්‍ය පරිත්‍යාගය සහ ගෝකරැල්ල හාල් මෝල අධිපති එස්.එම්. වසන්ත සමරකෝන් මහතා විසින් සිදු කළ පරිත්‍යාගයද ජනාධිපතිවරයා වෙත මෙහිදී බාර දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේපල ගොඩ ගසාගෙන තියන සියළුම පන්සල් මේ අහිංසකයින්ට ඉඩම් බෙදන්න.
ඔබ වහන්සේ විසින් සිදුකරන ලද මේ උතුම් පරිත්‍යාගය සියළුම යතිවරයන් ආදර්ශයක් ලෙස දැක අත්හැරීම ප්‍රගුණ කරන සේක්වා...
පන්සල ඉඩම අයිතිය තියෙන්නේ විහාරාධිපතිටද?
ඉතා අගය කළ යුතු දෙයක් මේක තමයි නියම බුදු දහම අර සමන්ත බද්ධ වගේ වටේ තියන ඔක්කෝම ඉඩම් අල්ලගන්න නැතුව මේ කරපු වැඩේ අගය කළ යුතුයි