මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සිංගප්පූරු රජය යොදා ගන්නා ශිල්පීය සහ තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට හඳූන්වා දීමට එරට බලධාරීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය එකගතාවය පළ කර තිබේ.
සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු රජයේ සමාජ හා පවුල් සංවර්ධන අමාත්‍ය සහ ජාතික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ඩෙස්මන්ඩ් ලී මහතා ඇතුළු එරට මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ අංශවල නිලධාරීන් අතර හමුවක් අද (24) මැන්ඩරීන් ඔරියන්ටල් හෝටලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ මත් උවදුර මර්දනයට සහය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා එහිදී කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මෙම එකඟතාවය පළ කෙරිණි.
(28535)
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි පිලිපීනේ ක්‍රමවේදය මේ දවස් දෙක තුනට එපා උනාද ?
ඔය එක එක රටවල රවුම් ගහ ගහ ඉන්න ඕන නෑ ඕකට අපේ සල්ලි ටික නාස්ති කරගෙන. හරියට පොලිසියට, හමුදාවට බලය දුන්නොත් මාස 3 න් නවත්තයි. මෙයාලම තමයි කුඩු කාරයෝ ආරක්ෂා කරන්නේ. දැන් මෙතන බොරු සංදර්ශන දානවා.
මේ හාදයෝන්ගෙන් වත් අහගමු නේද අර්ජුන අඩුතරමින් දැක්කදවත් කියලා.
හැමදාම අපි රවුමේ ගන්නවානේ... බලමු තව කොයි කාලයක්ද කියලා..?
කට්ටියක් තොග වශයෙන් ගිහින් පිලිපීනයෙන් හෙව්වා, දැන් සිංගප්පුරුවෙන් හොයනවා කියනවා. එත් මෙහෙ අහුවෙන ඒවා වල වටිනා කම දවසෙන් දවස ඉහල යනවා කියාලා මාධ්‍ය කියනවා. අනේ මන්දා මේ මොනවද කියාලා.
අපේ ජනාධිපති ගිහින් හම්බ වෙන්නේ එහෙ නියෝජ්‍ය ඇමතිව. නරක නැහැ.
සුරංගනා කතා තවත් නොකියනු මැන මට.
ඇත්තම තමයි... අපේ හමුදාවේ, පොලිසියේ තරම් දක්ෂ අය කොහෙවත් නැහැ. මේ අයට නිසි බලය දුන්නා නම් ඉවරයිනේ...
පිට රට දැනුම නෙමේ ඕන ලංකාවේ වැටලීම් හරියාකාරව කරානම් ඔය හැම වැරදි වැඩක්ම නවත්වන්න පුළුවන්.
අපේ රට " සිංගප්පුරුවක් " කරන්න කියලා තමයි, සිරිසේන මහත්තය ජනාධිපති වුනේ.. අපි තාමත් බලාගෙන ඉන්නවා.
ඇත්තටම මේ අල්ලන මත්ද්‍රව්‍යවලට මොකද වෙන්නේ...? මං නොදන්නා නිසයි අහන්නේ... රාජසන්තක කරන්නේ කොහොමද? ඇත්දල නම් පිච්චුවා. රත්තරන් නම් උණුකර රාජ්‍ය භාණ්ඩාගාරේට යවනවා ඇති. ඒත් සියලුම මත්ද්‍රව්‍ය වර්ග නිසි පරිදි විනාශ කරන්නේ කොහොමද?
මේවගේ මිනිස්සුන්ට ඡන්දය දීලා පත්කළ අපිට පිස්සු.., මේ මනුස්සය ගිහිල්ලා තියෙන්නේ ඩීල් එකෙක්ට කියලා තමයි කියන්නේ... කුඩු නවත්තන්න පුළුවන් නම් දේශපාලනයෙන් තොරව එස්.ටී.එෆ් එකට බලය දුන්නා නම් ඇති...
කුඩු නතරකිරීමට ගතයුතු ක්‍රියාමාර්ගය ගන්නවා කියා ඔබතුමා මීට මාස ගණනකට පෙර කිව්වා. 12 දෙනෙකුගේ නම් ඔබතුමාට ඒවා ඇති බව ඊයේ මාධ්‍ය මගින් දුටුවා. පැමිණි වහාම ඔබතුමාගේ නිර්දේශය දෙන්න...
රටේ ජනතාව අන්දලා ඉවරයිනේ, දැන් බලමු ලෝකෙ ජනතාව වත් අන්දලා ගෙදර යන්න කළින් ලෝකෙ වටේ පොඩි සංචාරයක් දාන්න.
ඇයි පසුගිය දවසක නායකයෙක් විසින් කුඩු එතනෝල් කාරයෙක්ව මහපාරේ බදාගත්තේ ..ඒ වුනාට එම නායකයා දැන් පවතින පාලනයට ඇඟිල්ල ඔසවනවා රටේ පාතාලය මත්කුඩු රජවෙලා කියා ..සාටකෙන් එල්ලන්නයි වටින්නේ ..
ඕක කරන්න ලෝකේ වටේ කරක් ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ , දැනට කුඩු ජාවාරම් නිසා අධිකරණයෙන් මරණ දඩුවම නියම කරපු මිනිස්සු එල්ලලා මරණ දින සහ වෙලාව නියම කර , කුඩු සම්බන්ධ නඩු සදහා විශේෂ අධිකරණයක් පිහිටවූව නම් දැනට ලංකාව හරහා කුඩු ජාවාරම් කරන දේශීය සහ විදේශීය අනෙකුත් කුඩු කාරයොත් ඕව කරන එක නතර කරවී , කවුද කැමති මැරෙන්න .
ලංකාවට කුඩු ගෙන්වන්නන් ඉන්නේ සිංගප්පුරුවේ නොවේ... ලංකාවේ පාර්ලිමේන්තුවේ, පළාත්සභාවල, සිංගප්පුරු ගියවෙලාවේ ඔය විකාර නවත්වලා අර අර්ජුනව ගෙන්වාගන්න ක්‍රමයක් ගැන සාකච්ඡා කරගත්තා නම් හොඳනැද්ද? සිංගප්පූරුවෙන් කියන්නේ අර්ජුන ඉල්ලලා ලංකාවෙන් නිසිපරිදි රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ඉල්ලීමක් කර නොමැති නිසා ඔහු මෙරටට බාරදෙන්න... කිසිම අවශ්‍යතාවයක් නැත කියලා, අඩුම තරමේ ඔහේ තිබෙන මලගෙදරකදී හෝ මගුල්ගෙදරකදී කතාවක් පවත්වන කොටවත් කියන්න පුලුවන්නම් අර්ජුනව අල්ලලා දෙන්න කියලා..